2021 අගෝස්තු මස 06 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2021-08-06 |
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A : මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සේවය සඳහා දැනට සිටින මන්ත්‍රීවරයෙක් වෙනුවට නව මන්ත්‍රීවරයෙක් පත් කිරීම
B : බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය සඳහා දැනට සිටින මන්ත්‍රීවරයෙක් වෙනුවට නව මන්ත්‍රීවරයෙක් පත් කිරීම
C : මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය සඳහා දැනට සිටින මන්ත්‍රීවරයෙක් වෙනුවට නව මන්ත්‍රීවරයෙක් පත් කිරීම
D : පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේ සේවය සඳහා දැනට සිටින මන්ත්‍රීවරයෙක් වෙනුවට නව මන්ත්‍රීවරයෙක් පත් කිරීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2020 වර්ෂය සඳහා වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(ii) 2020 වර්ෂය සඳහා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iii) 2020 වර්ෂය සඳහා වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(iv) 2020 වර්ෂය සඳහා පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(v) 2020 වර්ෂය සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(vi) 2020 වර්ෂය සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු එම්. එස්. තවුෆික් මහතා
(ii) ගරු (වෛද්‍ය) තිලක් රාජපක්ෂ මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න
(i) ගරු (ආචාර්ය) සරත් වීරසේකර මහතා
තමන් සම්බන්ධයෙන් ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා විසින් ප්‍රකාශ කරන ලද අපහාසාත්මක කරුණු
(ii) ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විසින් සභා ගර්භය තුළදී ගරු රාජවරෝදයම් සම්පන්දන් මහතාගේ වීඩියෝවක් පටිගත කර ෆේස්බුක්හි පළ කිරීම
අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 112 (1) හි විධිවිධාන ප්‍රකාරව සහ 2021 අගෝස්තු 05 දින තේරීම් කාරක සභාව විසින් තීරණය කළ පරිදි, 2020 සැප්තැම්බර් 08 දින සහ 2021 ජනවාරි 07 දින පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා තිහ (30) ට අමතරව, මතු දැක්වෙන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පත් කළ යුතු ය:—
ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
එකී කාරක සභාව වෙත යොමු කරනු ලබන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කර බලා වාර්තා කිරීම සඳහා එකී අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, අමාත්‍ය මණ්ඩලයේ අදාළ විෂය භාර අමාත්‍යවරයා සභාපතිවරයා වූ ද, රාජ්‍ය අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පස් දෙනෙකුගෙන් (5) සමන්විත විය යුතුය.
එකී අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ගණපූරණය සාමාජික මන්ත්‍රීවරයන් තිදෙනෙකුගෙන් (3) සංයුක්ත විය යුතුය.
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
“සාමය, අධ්‍යාපනය, බලගැන්වීම සහ සංවර්ධනය උදෙසා වූ ක්‍රීඩා ආයතනය (SPEED) (සංස්ථාගත කිරීමේ)”
නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමියන්ට අවසර දෙන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
ආගාමික හා විගාමික පනත යටතේ නියෝග
සභාව විසින් අනුමත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න දෙකක් අසන ලදී:-
(i) ගරු වේලු කුමාර් මහතා
(ii) ගරු මොහමඩ් මුසම්මිල් මහතා
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ‘ළමා හා කාන්තා ඒකකය’ සවිබලගැන්වීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1742 ට 2021 අගෝස්තු මස 17 වැනි අඟහරුවාදා පැය 1000 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






