2021 අගෝස්තු මස 05 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2021-08-05 |
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සහ තේරීම් කාරක සභාවේ රැස්වීම්
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(ii) 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(iii) 2020 වර්ෂය සඳහා නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iv) 2019 වර්ෂය සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(v) 2020 වර්ෂය සඳහා සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ හා රබර් වතු ආශ්‍රිත භෝග වගා සහ කර්මාන්තශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(vi) 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 7 වගන්තිය සමඟ කියවිය යුතු 29 වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් සාදනු ලදුව, 2021 ජුනි 30 දිනැති අංක 2234/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(vii) 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 7 වගන්තිය සමඟ කියවිය යුතු 29 වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් සාදනු ලදුව, 2021 ජුනි 30 දිනැති අංක 2234/20 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(viii) 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2021 ජූලි 02 දිනැති අංක 2234/49 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(ix) 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 7 වගන්තිය සමඟ කියවිය යුතු 29 වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් සාදනු ලදුව, 2021 ජූලි 06 දිනැති අංක 2235/22 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු (මේජර්) ප්‍රදීප් උඳුගොඩ මහතා
(ii) ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මහත්මිය
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අමාත්‍යාංශ නිවේදන
කොවිඩ්-19 රෝගයේ වැඩිවීම සම්බන්ධයෙන් 2021.08.03 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට සෞඛ්‍ය අමාත්‍ය, ගරු පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත‍්මිය විසින් පිළිතුරු සපයන ලදී.
වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න
(i) ගරු සජිත් ප්‍රේමදාස මහතා
අත්අඩංගුවට පත්වූ ගුරුවරුන් බැලීමට වරාය පොලීසියට යාමට ඉඩ නොදීම
(ii) ගරු සාගර කාරියවසම් මහතා
කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීමේ විද්‍යුත් ඡන්ද විමසීමේදී ඡන්දය නිවැරදිව ගණනය නොවීම
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
ශ්‍රී ලංකා ඛනිජතෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවීම සඳහා ද; උද්ගාමී ඛනිජතෙල් කර්මාන්තය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සහ ශ්‍රී ලංකාවේ නවීන ගවේෂණ, සංවර්ධන, නිෂ්පාදන සහ කළමනාකරණ පරිචයන් තුළින් දේශීය ඛනිජතෙල් සම්පත්වල උපරිම ආර්ථික වටිනාකම ලබාගැනීම සඳහා නියාමන සහ කළමනාකරණ ව්‍යුහයක් සකස් කිරීම සඳහා ද; 2003 අංක 26 දරන ඛනිජතෙල් සම්පත් පනත ඉවත් කිරීම සඳහා ද; ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ
“ඛනිජතෙල් සම්පත්”
නමැති පනත් කෙටුම්පත ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සිට 5 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(i) ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමයන් තුනක්
(ii) පරිපූරක මුදල — ශීර්ෂය 441 — වැඩසටහන 01 සහ 02
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න දෙකක් අසන ලදී:-
(i) ගරු චමින්ද විජේසිරි මහතා
(ii) ගරු කුමාරසිරි රත්නායක මහතා
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය (FCID) නිසා අසාධාරණයට ලක්වූවන්ට සහනයක් ලබාදීම සහ ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1735 ට 2021 අගෝස්තු මස 6 වැනි සිකුරාදා පැය 1000 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






