ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2021 අගෝස්තු මස 04 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2021-08-04

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : ඊයේ දින සභාවේදී ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය පළ කළ අදහස් සම්බන්ධයෙන්

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2020 වර්ෂය සඳහා කම්කරු අමාත්‍යාංශයේ ව‍ාර්ෂික කාර්ය සාධන වාර්තාව
(ii)    2019 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනයේ ව‍ාර්ෂික වාර්තාව සහ වාර්ෂික මූල්‍ය ප්‍රකාශන
(iii)    2019 වර්ෂය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ව‍ාර්ෂික වාර්තාව හා ගිණුම්
(iv)    2019 වර්ෂය සඳහා ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ වාර්ෂික වාර්තාව
(v)    2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ව‍ාර්ෂික වාර්තාව හා ගිණුම්
(vi)    2019 වර්ෂය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ ව‍ාර්ෂික වාර්තාව හා ගිණුම්
(vii)    2019 වර්ෂය සඳහා සිලෝන් පෙට්ට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ්හි ව‍ාර්ෂික වාර්තාව

(viii)    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද  වාර්තාවේ විදුලිබල අමාත්‍යාංශයේ ලංකා විදුලිබල මණ්ඩලය සම්බන්ධව සඳහන් කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(ix)    2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 (3) වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2021 අප්‍රේල් 13 දිනැති අංක 2223/2 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(x)    2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 (3) වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2021 අප්‍රේල් 26 දිනැති අංක 2225/1 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xi)    2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 සහ 5 වගන්ති යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2021 අප්‍රේල් 27 දිනැති අංක 2225/8 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xii)    2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2021 අප්‍රේල් 27 දිනැති අංක 2225/13 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xiii)    2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 (3) වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2021 මැයි 17 දිනැති අංක 2228/3 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xiv)    2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 (3) වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2021 ජුනි 14 දිනැති අංක 2232/3 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xv)    රේගු ආඥා පනතේ (235 අධිකාරය) 10 වගන්තිය යටතේ ආනයන තීරු බදු  සම්බන්ධ යෝජනාව
(2021 අප්‍රේල් 22 දිනැති අංක 2224/25 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
(xvi)    රේගු ආඥා පනතේ (235 අධිකාරය) 10 වගන්තිය යටතේ ආනයන තීරු බදු  සම්බන්ධ යෝජනාව
(2021 මැයි 17 දිනැති අංක 2228/2 දරන අති විශේෂ ගැසට් පත්‍රය)

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු උද්දික ප්‍රේමරත්න මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු චන්දිම වීරක්කොඩි මහතා                    
(ii)    ගරු හෙක්ටර් අප්පුහාමි මහතා                    
(iii)    ගරු අකිල එල්ලාවල මහතා    
             
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතා
ගුරු-විදුහල්පති වැටුප් විෂමතා

අධ්‍යාපන අමාත්‍ය, ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

(ii)    ගරු අනුර දිසානායක මහතා
‘නිව් ෆෝට්‍රස් එනර්ජි’ සමාගමට කෙරවලපිටිය විදුලි බලාගාර ව්‍යාපෘතිය පැවරීම

සූර්යබල, සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, ගරු දුමින්ද දිසානායක මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

අමාත්‍යාංශ නිවේදන

මහපොළ ශිෂ්‍යත්ව අරමුදල් පනත සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍ය, ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

පහත සඳහන් පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමට ගරු බුද්ධික පතිරණ මහතාට අවසර දෙන ලදී:-

(i)    දක්ෂිණ ලංකා තෘතීයික අධ්‍යාපන හා නායකත්ව පුහුණු පීඨය (සංස්ථාගත කිරීමේ)
(ii)    සමාධි භාවනා හා යෝගා මධ්‍යස්ථාන (සංස්ථාගත කිරීමේ)
(iii)    සමාධි ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ)

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

සේවකයන්ගේ ජාතික අවම ‍වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත

සභාව විසින් සම්මත කරන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න

පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න දෙකක් අසන ලදී:-

(i)    ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය
(ii)     ගරු ශාන්ත බණ්ඩාර මහතා

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“බාලවයස්කාර ළමයින් ගෘහස්ත සේවයට යොදාගැනීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු එම්. උදයකුමාර් මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1738 ට 2021 අගෝස්තු මස 5 වැනි බ්‍රහස්පතින්දා පැය 1000 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි