2021 අගෝස්තු මස 03 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2021-08-03 |
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ
A : මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
B : ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ වාර්ෂික වාර්තාව
(ii) 2020 වර්ෂය සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව
(iii) 2020 වර්ෂය සඳහා විදේශ අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iv) 2019 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ වාර්ෂික වාර්තාව
(v) 2019 වර්ෂය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර සහ සමාජීය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව
(vi) 2019 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව
(vii) 2019 වර්ෂය සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් වාර්තාව
(viii) 2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් ප්‍රකාශනය
(ix) 2020 වර්ෂය සඳහා පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(x) 2018 වර්ෂය සඳහා ජල සම්පත් මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(xi) 2019 වර්ෂය සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(xii) 2017/2018 වර්ෂය සඳහා සීමාසහිත ලංකා නැව් සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(xiii) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ මහාමාර්ග අමාත්‍යාංශයේ මාර්ග සංවර්ධන අධිකාරිය සම්බන්ධව සඳහන් කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xiv) (52 අධිකාරය වන) සුරාබදු ආඥාපනතේ 8 සහ 30 වගන්ති සමඟ කියවිය යුතු 32 වගන්තිය යටතේ සුරාබදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2021 පෙබරවාරි 25 දිනැති අංක 2216/16 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය
(අංක 07/2021 දරන සුරාබදු නිවේදනය)
(xv) සංශෝධිත පරිදි, 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3ඇ වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2021 අප්‍රේල් 05 දිනැති අංක 2222/2 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xvi) සංශෝධිත පරිදි, 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2021 අප්‍රේල් 05 දිනැති අංක 2222/3 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xvii) සංශෝධිත පරිදි, 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2021 අප්‍රේල් 22 දිනැති අංක 2224/24 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xviii) 2011 අංක 18 දරන වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනතේ 3(3) වගන්තිය යටතේ වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2021 පෙබරවාරි 22 දිනැති අංක 2216/3 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය
(xix) 2011 අංක 18 දරන වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනතේ 3(3) වගන්තිය යටතේ වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2021 මාර්තු 09 දිනැති අංක 2218/51 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය
(xx) 2011 අංක 18 දරන වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනතේ 3(3) වගන්තිය යටතේ වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2021 මාර්තු 19 දිනැති අංක 2219/68 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය
(xxi) 2011 අංක 18 දරන වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනතේ 3(3) වගන්තිය යටතේ වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2021 අප්‍රේල් 19 දිනැති අංක 2224/8 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය
(xxii) 2011 අංක 18 දරන වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනතේ 3(3) වගන්තිය යටතේ වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2021 ජුනි 11 දිනැති අංක 2231/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් පිළිගන්වන ලදී.
(iii) ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු ඩග්ලස් දේවානන්දා මහතා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු කංචන විජේසේකර මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු ලසන්ත අලගියවන්න මහතා - පෙත්සම් දෙකයි
(ii) ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා
(iii) ගරු එච්. නන්දසේන මහතා - පෙත්සම් දෙකයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු සජිත් ප්‍රේමදාස මහතා
කොවිඩ්-19 රෝගයේ වැඩිවීම
අමාත්‍යාංශ නිවේදන
තමන්ට එල්ල කළ අසත්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය, ගරු (ආචාර්ය) සරත් වීරසේකර මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
(i) “අරුන්දික ප්‍රනාන්දු සහන සේවා සහ ගොඩ්ෆ්‍රි ප්‍රනාන්දු අනුස්මරණ පදනම (සංස්ථාගත කිරීමේ)”
නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතාට අවසර දෙන ලදී.
(ii) “මානව හිමිකම් සංවිධානය (සංස්ථාගත කිරීමේ)”
නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු තිස්ස අත්තනායක මහතාට අවසර දෙන ලදී.
(iii) “බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය පදනම (සංස්ථාගත කිරීමේ)”
නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු සාරතී දුෂ්මන්ත මහතාට අවසර දෙන ලදී.
කල් තැබීමේ යෝජනාව
“2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු අනුර දිසානායක මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2021 අගෝස්තු මස 4 වැනි බදාදා පැය 1000 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






