2021 ජූලි මස 20 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2021-07-20 |
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
‘A’ : විශ්වාස භංගත්වය පිළිබඳ යෝජනාවට ගරු රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෝජනා කරන ලද සංශෝධනය පිළිබඳව තීරණය
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2019 වර්ෂය සඳහා ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(ii) 2020 වර්ෂය සඳහා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය සාධන සහ ගිණුම් වාර්තාව.
(iii) 2020 වර්ෂය සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(iv) 2020 වර්ෂය සඳහා වාරිමාර්ග අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(v) 2020 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(vi) 2020 වර්ෂය සඳහා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(vii) 2018 වර්ෂය සඳහා පොල්ගොල්ල ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තාව
(viii) 2017 සහ 2018 වර්ෂ සඳහා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ වාර්ෂික වාර්තා
(ix) 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්
(x) 2018 වර්ෂය සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ වාර්ෂික වාර්තාව
(xi) 2020 වර්ෂය සඳහා ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xii) 2018 වර්ෂය සඳහා කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව
(xiii) 2020 වර්ෂය සඳහා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(xiv) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ විදුලිබල අමාත්‍යාංශයේ සීමාසහිත ලංකා ගල් අඟුරු (පුද්ගලික) සමාගම සම්බන්ධව සඳහන් කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xv) 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 75 වගන්තිය යටතේ එකතු කළ අගය මත බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2021 මැයි 20 දිනැති අංක 2228/33 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
කාරක සභා වාර්තා පිළිගැන්වීම
නවවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ පළමුවැනි වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (මහාචාර්ය) තිස්ස විතාරණ මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
ගරු දුමින්ද දිසානායක මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු සජිත් ප්‍රේමදාස මහතා
2021 වර්ෂය සඳහා අ.පො.ස. උ/පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග පැවැත්වීම
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය, ගරු සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
ඇතැම් නීති යටතේ හෙළිදරව් කිරීමට නියම කරන ලද හෙළිදරව් නොකළ බදු අයකළ හැකි සැපයුම්, ආදායම් සහ වත්කම් පිළිබඳ ස්වේච්ඡාවෙන් හෙළිදරව් කිරීමට තැනැත්තන්ට ඉඩ ලබාදීම සඳහා ද; එසේ හෙළිදරව් කළ බදු අයකළ හැකි සැපයුම්, ආදායම් සහ වත්කම් සම්බන්ධයෙන් බද්දක් පැනවීම සඳහා ද; නිශ්චිතව දක්වා ඇති නීති යටතේ විමර්ශනය කිරීමෙන්, නඩු පැවරීමෙන් සහ දණ්ඩනයන්ගෙන් වන බැඳීම සම්බන්ධයෙන් එකී යම් බදු අයකළ හැකි සැපයුම, ආදායම හෝ වත්කම ස්වේච්‍ඡාවෙන් හෙළිදරව් කරන තැනැත්තන් වගකීමෙන් මුක්ත කිරීම සඳහා ද; නිශ්චිතව දක්වා ඇති නීති යටතේ දැනටමත් බදු අයකළ හැකි සැපයුම්, ආදායම් සහ වත්කම් පිළිබඳ හෙළිදරව් කර ඇති තැනැත්තන් වෙත ඇතැම් සහන ප්‍රදානය කිරීම සඳහා ද; ඒ හා සම්බන්ධ සහ ඊට ආනුෂංගික කරුණු සඳහා ද විධිවිධාන සැලැස්වීම පිණිස වූ
“මුදල්”
නමැති පනත් කෙටුම්පත ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
“අධිකරණයට අපහාස කිරීමේ”
නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු පාඨලී චම්පික රණවක මහතාට අවසර දෙන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
බලශක්ති අමාත්‍ය, ගරු උදය ගම්මන්පිල මහතා කෙරෙහි විශ්වාස භංගත්වය පිළිබඳ යෝජනාව
ඡන්ද විමසීමක් පවත්වා (පක්ෂව 61; විරුද්ධව 152) නිෂ්ප්‍රභා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1755 ට 2021 අගෝස්තු මස 3 වැනි අඟහරුවාදා පැය 1000 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






