2021 ජූලි මස 19 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2021-07-19 |
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
‘A’ : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කිරීම
‘B’ : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
A.
(i) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
• 2018 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වැනි කාණ්ඩයේ XV කොටස; සහ
• 2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ XXV හා XXVI කොටස්, සිව්වැනි කාණ්ඩයේ XII කොටස සහ හයවැනි කාණ්ඩයේ XX, XXI, XXII හා XXIII කොටස්
(ii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ අටවැනි කාණ්ඩයේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමිකරුවන් සඳහා ණය සහන ලබාදීමේ වැඩසටහනේ කාර්ය සාධනය සම්බන්ධ විශේෂ විගණන වාර්තාවේ - II කොටස
B.
(i) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
• 2018 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXXII කොටස; සහ
• 2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXIII කොටස සහ නවවැනි කාණ්ඩයේ XVI කොටස
(ii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ ─
• මහා භාරකාරතැන වෙත පවරා ඇති බූදල් දේපළ කළමනාකරණය සම්බන්ධව ඇගයීම සම්බන්ධ විගණන වාර්තාවේ - අටවැනි කාණ්ඩයේ III කොටස; සහ
• ජාතික විගණන කාර්යාලය වෙත 2019 අගෝස්තු 01 දින සිට 2020 ජූලි 31 දක්වා ලැබී ඇති මහජන නියෝජනයන් සහ එහි වර්තමාන තත්ත්වය සම්බන්ධ විගණන වාර්තාව
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2018 සහ 2019 වර්ෂ සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වාර්ෂික වාර්තා
(ii) 2019 වර්ෂය සඳහා ශීර්ෂ අංක 04 — උපරිමාධිකරණයේ (විනිශ්චයකාරවරු) කාර්ය සාධන වාර්තාව
(iii) 2020 වර්ෂය සඳහා විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iv) 2017 වර්ෂය සඳහා පොල්ගොල්ල ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තාව
(v) 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ වාර්ෂික වාර්තාව
(vi) 2017 සහ 2018 වර්ෂ සඳහා රාජ්‍ය දැව සංස්ථාවේ වාර්ෂික වාර්තා
(vii) 2018 වර්ෂය සඳහා සීමාසහිත ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ වාර්ෂික වාර්තාව
(viii) 2020 වර්ෂය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(ix) 2021 වර්ෂය සඳහා මුදල් අමාත්‍යාංශයේ වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව
(x) 2020 වර්ෂය සඳහා පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(xi) 2020 වර්ෂය සඳහා ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xii) 2017 වර්ෂය සඳහා ජාතික තරුණ සේවා සභාවේ වාර්ෂික වාර්තාව
(xiii) 2019 වර්ෂය සඳහා ශීර්ෂ අංක 234 — ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(xiv) 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3(4) වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2021 අප්‍රේල් 19 දිනැති අංක 2224/2 දරන අති විශේෂ ගැසට් පත්‍රය සහ එම ගැසට් පත්‍රය සංශෝධනය කරමින් 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3(4) වගන්තිය යටතේ 2021 ජූලි 06 දිනැති අංක 2235/15 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xv) 2021 පරිපූරක ඇස්තමේන්තුව
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා - පෙත්සම් දෙකයි
(ii) ගරු අනුප පස්කුවල් මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
“මිල්කෝ කිරි නිෂ්පාදකයන්ගේ පදනම (සංස්ථාගත කිරීමේ)”
නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු සමන්ප්‍රිය හේරත් මහතාට අවසර දෙන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
බලශක්ති අමාත්‍ය, ගරු උදය ගම්මන්පිල මහතා කෙරෙහි විශ්වාස භංගත්වය පිළිබඳ යෝජනාව
විවාදයට ගෙන හෙට දිනට කල් තබන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2021 ජූලි මස 20 වැනි අඟහරුවාදා පැය 1000 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






