2021 ජූලි මස 09 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2021-07-09 |
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2016 සහ 2017 වර්ෂ සඳහා ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ වාර්ෂික වාර්තා සහ ගිණුම්
(ii) 2020 වර්ෂය සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iii) 2020 වර්ෂය සඳහා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය සාධන හා ගිණුම් වාර්තාව
(iv) 2020 වර්ෂය සඳහා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව සහ වාර්ෂික ගිණුම්
(v) 2020 වර්ෂය සඳහා මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(vi) 2020 වර්ෂය සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන හා ගිණුම් වාර්තාව
(vii) 2020 වර්ෂය සඳහා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(viii) 2020 වර්ෂය සඳහා ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(ix) 2020 වර්ෂය සඳහා වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(x) 2020 වර්ෂය සඳහා අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xi) 2020 වර්ෂය සඳහා මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xii) 2019 වර්ෂය සඳහා ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ වාර්ෂික වාර්තාව
(xiii) 2020 වර්ෂය සඳහා විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xiv) 2020 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xv) 2016, 2017 සහ 2018 වර්ෂ සඳහා රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තා
(xvi) 2018 වර්ෂය සඳහා දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ වාර්ෂික වාර්තාව
(xvii) 2018 වර්ෂය සඳහා සැලසිනෙ රූපවාහිනී ආයතනයේ වාර්ෂික වාර්තාව
(xviii) 2020 වර්ෂය සඳහා විදුලිබල අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xix) 2017, 2018 සහ 2019 වර්ෂ සඳහා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයේ වාර්ෂික වාර්තා
(xx) 2016/2017 සහ 2017/2018 මුදල් වර්ෂ සඳහා බීසීසී ලංකා ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තා
(xxi) 2018 වර්ෂය සඳහා ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව
(xxii) 2020 වර්ෂය සඳහා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(xxiii) 2020 වර්ෂය සඳහා ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xxiv) 2020 වර්ෂය සඳහා මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xxv) 2020 වර්ෂය සඳහා බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු ජයන්ත සමරවීර මහතා - පෙත්සම් දෙකයි
(ii) ගරු අනුර දිසානායක මහතා
(iii) ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය - පෙත්සම් දෙකයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු සජිත් ප්‍රේමදාස මහතා
එක්ස්ප්‍රස් පර්ල් නැවේ අනතුර නිසා ඇති වූ පාරිසරික හා අනෙකුත් ගැටලු
වරාය හා නාවික අමාත්‍ය, ගරු රෝහිත අබේගුණවර්ධන මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
අමාත්‍යාංශ නිවේදන
මුතුරාජවෙල තෙත්බිම් ගොඩකිරීම හේතුවෙන් මතු වී ඇති පාරිසරික ප්‍රශ්න සම්බන්ධයෙන් 2021.07.07 දින ගරු අනුර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට පරිසර අමාත්‍ය, ගරු මහින්ද අමරවීර මහතා විසින් පිළිතුරු සපයන ලදී.
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව පිහිටුවීම සඳහා ද; වෙළඳපොළ ආයතන, ඇතැම් සුරැකුම්පත් පිළිබඳ මහජන අර්පණ, වෙළඳපොළ අතරමැදියන් නියාමනය කිරීම සඳහා ද; ආයෝජකයන් ආරක්ෂා කිරීම සඳහා සහ බලාත්මක කිරීමේ පියවර සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා ද; වෙළඳපොළ විෂමාචාරය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ද; සුරැකුම්පත් වෙළඳපොළ නියාමකයන් විසින් මුහුණ දෙනු ලබන අභියෝග මැඩපැවැත්වීම සඳහා සහ 1987 අංක 36 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත ඉවත් කිරීම සඳහා ද; ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ
“ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා”
නමැති පනත් කෙටුම්පත ගරු ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1207 ට 2021 ජූලි මස 19 වැනි සඳුදා පැය 1000 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






