2021 ජූලි මස 08 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2021-07-08 |
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
අභිනව මන්ත්‍රීවරයන්ගේ නිල ප්‍රතිඥාව හෝ දිවුරුම
ගරු ජයන්ත කැටගොඩ මහතාගේ ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා ගරු බැසිල් රෝහණ රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගරු කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2020 වර්ෂය සඳහා අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව
(ii) 2020 වර්ෂය සඳහා වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iii) 2020 වර්ෂය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ ගිණුම්
(iv) 2020 වර්ෂය සඳහා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව
(v) 2020 වර්ෂය සඳහා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව
(vi) 2020 වර්ෂය සඳහා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(vii) 2020 වර්ෂය සඳහා මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන හා ගිණුම් වාර්තාව
(viii) 2020 වර්ෂය සඳහා පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව හා ගිණුම් වාර්තාව
(ix) 2020 වර්ෂය සඳහා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන හා ගිණුම් වාර්තාව
(x) 2020 වර්ෂය සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xi) 2020 වර්ෂය සඳහා අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව හා ගිණුම්
(xii) 2020 වර්ෂය සඳහා මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xiii) 2020 වර්ෂය සඳහා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව
(xiv) 2020 වර්ෂය සඳහා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන හා ගිණුම් වාර්තාව
(xv) 2020 වර්ෂය සඳහා පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ ගිණුම්
(xvi) 2020 වර්ෂය සඳහා කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන හා ගිණුම් වාර්තාව
(xvii) 2020 වර්ෂය සඳහා මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව
(xviii) 2020 වර්ෂය සඳහා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ ගිණුම්
(xix) 2020 වර්ෂය සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන හා ගිණුම් වාර්තාව
(xx) 2020 වර්ෂය සඳහා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ ගිණුම්
(xxi) 2020 වර්ෂය සඳහා ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xxii) 2020 වර්ෂය සඳහා දහම් පාසැල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xxiii) 2020 වර්ෂය සඳහා ජල සම්පාදන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xxiv) 2012, 2013, 2014, 2015 සහ 2016 වර්ෂ සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ වාර්ෂික වාර්තා
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පිළිගැන්වීම
(ii) කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු විමල් වීරවංශ මහතා විසින් පිළිගැන්වීම
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා - පෙත්සම් දෙකයි
(ii) ගරු ප්‍රසන්න රණවීර මහතා - පෙත්සම් දෙකයි
(iii) ගරු එස්. බී. දිසානායක මහතා - පෙත්සම් දෙකයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු අනුර දිසානායක මහතා
සංචාරක ක්ෂේත්‍රයේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට මුහුණපෑමට සිදුවී ඇති ගැටලුකාරී තත්වය
සංචාරක අමාත්‍ය, ගරු ප්‍රසන්න රණතුංග මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
(ii) ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමි
ලෙබනනයේ ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් මුහුණ දී ඇති ගැටලු
කම්කරු අමාත්‍ය, ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
පාර්ලිමේන්තුවේ සභානායක ගරු දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනාවට සභාව එකඟ විය -
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය පනත් කෙටුම්පත පිළිබඳ යෝජනාව
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය නමැති පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නවවැනි උපලේඛනයේ III ලැයිස්තුවේ (සමගාමී ලැයිස්තුව) කාරණාවලට අදාළ වන බැවින්, පළාත් සභාවල අදහස් විමසන ලෙස නීතිපතිවරයා විසින් මතයක් ප්‍රකාශ කරනු ලැබ ඇති හෙයින් ද, මේ වනවිට පළාත් සභා සියල්ල විසුරුවා හැර ඇති හෙයින් ද, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 51(1) හි විධිවිධාන ප්‍රකාරව මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව විසින් සලකා බලා සම්මත කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) විවාදයට ගෙන මතු දිනකට කල් තබන ලදී:-
(i) ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(ii) ආගාමික හා විගාමික පනත යටතේ නියෝග
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න දෙකක් අසන ලදී:-
(i) ගරු ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා
(ii) ගරු චමින්ද විජේසිරි මහතා
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“යාපනය සහ කිලිනොච්චි ප්‍රදේශවල නිවාස යෝජනා ක්‍රම සඳහා වෙන්කළ මුදල් නිදහස් කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1740 ට 2021 ජූලි මස 09 වැනි සිකුරාදා පැය 1000 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






