ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2021 ජූලි මස 07 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2021-07-07

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

‘A’ :  පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජයන්ත කැටගොඩ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2020 වර්ෂය සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව
(ii)    2020 වර්ෂය සඳහා මුදල් කොමිෂන් සභාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iii)    2020 වර්ෂය සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iv)    2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(v)    2020 වර්ෂය සඳහා  නීති කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(vi)    2020 වර්ෂය සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(vii)    2020 වර්ෂය සඳහා සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(viii)    2020 වර්ෂය සඳහා වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(ix)    2020 වර්ෂය සඳහා  ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(x)    2020 වර්ෂය සඳහා  නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xi)    2020 වර්ෂය සඳහා වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුලු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගාකිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ව‍ාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xii)    2020 වර්ෂය සඳහා  වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xiii)    2020 වර්ෂය සඳහා  වරාය හා නාවික අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(xiv)    2018 සහ 2019 වර්ෂ සඳහා අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියේ වාර්ෂික වාර්තා.
(xv)    2020 වර්ෂය සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(xvi)    2020 වර්ෂය සඳහා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් පිළිගන්වන ලදී.

(ii)    ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන්, ගරු චමල් රාජපක්ෂ මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු සී. බී. රත්නායක මහතා                    
(ii)    ගරු (ආචාර්ය) සරත් වීරසේකර මහතා                    
(iii)    ගරු දයාසිරි ජයසේකර මහතා                    
(iv)    ගරු විජිත බේරුගොඩ මහතා             -   පෙත්සම් දෙකයි
(v)    ගරු ෆයිසාල් කාසිම් මහතා                    
(vi)    ගරු (වෛද්‍ය) තිලක් රා‍ජපක්ෂ මහතා                    
(vii)    ගරු වීරසුමන වීරසිංහ මහතා   
          
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු අනුර දිසානායක මහතා
මුතුරාජවෙල තෙත්බිම් ගොඩකිරීම හේතුවෙන් මතු වී ඇති පාරිසරික ප්‍රශ්න

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

අපනයන සංවර්ධන පනත යටතේ නියෝග දෙකක්

සභාව විසින් අනුමත කරන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න

පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න දෙකක් අසන ලදී:-

(i)    ගරු බී. වයි. ජී. රත්නසේකර මහතා
(ii)    ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“දේශපාලනය තුළ තරුණ නියෝජනය” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ඉම්තියාස් බාකීර් මාකාර් මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1718 ට 2021 ජූලි මස 08 වැනි බ්‍රහස්පතින්දා පැය 1000 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි