ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2019 මාර්තු මස 27 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2019-03-27

නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

‘A’ : මන්නාරම දිස්ත්‍රික්කයේ සංවර්ධන කාර්යයන් සඳහා ඉඩම් නිදහස් කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීමේ කමිටු වාර්තාව පිළිගැන්වීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2015 වර්ෂය සඳහා ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් ප්‍රකාශනය
(ii)   2017 වර්ෂය සඳහා රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    නෛතික කටයුතු (දූෂණ විරෝධී) හා මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු අජිත් මාන්නප්පෙරුම මහතා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු හේෂා විතානගේ මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු බිමල් රත්නායක මහතා විසින් පිළිගන්වන ලදී.
(iii)    කාන්තා හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු (වෛද්‍ය) තුසිතා විජේමාන්න මහත්මිය විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු ඒ. ඩී. ප්‍රේමදාස මහතා                           
(ii)   ගරු (වෛද්‍ය) තුසිතා විජේමාන්න මහත්මිය

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න

ගරු ෆීල්ඩ් මාර්ෂල් සරත් ‍ෆොන්සේකා මහතා

තමන්ට එරෙහි චෝදනා සහ දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන්

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2019) - කාරක සභාව

විසර්ජන පනත් කෙටුම්පත (2019) - දහඅටවැනි වෙන් කළ දිනය - කාරක සභා අවස්ථාවේ විවාදය


පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සිට 9 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී -

(i)     සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2013)
(ii)    සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2011)
(iii)   සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2012)
(iv)   රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2014)
(v)    රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2015)
(vi)   රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2015)
(vii)  රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2014)
(viii) ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“ඊ.ටී.අයි. මූල්‍ය සමාගමේ තැන්පත්කරුවන් සඳහා සහනයක් ලබාදීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ටී. රංජිත් ද සොයිසා මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1930 ට 2019 මාර්තු මස 28 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2019]

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි