ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2019 මාර්තු මස 19 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2019-03-19

නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2015 වර්ෂය සඳහා ජනාධිපතිවරයාගේ අරමුදල පිළිබඳ විගණකාධිපතිගේ වාර්තාව

(ii)   2014 වර්ෂය සඳහා හෝමියෝපති වෛද්‍ය සභාවේ වාර්ෂික වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

බලශක්තිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම  කාරක සභාවේ සභාපති ගරු චන්දිම ගමගේ මහතා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු සුජීව සේනසිංහ මහතා
(ii)   ගරු බිමල් රත්නායක මහතා    -    පෙත්සම් දෙකයි

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

1971 අංක 46 දරන පොල් සංවර්ධන පනත සංශෝධනය කිරීම ‍සඳහා වූ

“පොල් සංවර්ධන (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක, ගරු ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

වරප්‍රසාද

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (ආචාර්ය) ජයම්පති වික්‍රමරත්න මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට   2019 ජනවාරි 24 වැනි දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118හි විධිවිධාන යටතේ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2019) - කාරක සභාව

විසර්ජන පනත් කෙටුම්පත (2019) - දොළොස්වැනි වෙන් කළ දිනය - කාරක සභා අවස්ථාවේ විවාදය


පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සිට 9 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී -

(i)     අනුකූලතා තක්සේරු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව (2014)
(ii)    ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව (2013)
(iii)   ජාතික විද්‍යා පදනමේ වාර්ෂික වාර්තාව (2013)
(iv)   ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව (2014)
(v)    කාර්මික තාක්ෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව (2014)
(vi)   කාර්මික තාක්ෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව (2013)
(vii)  ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ වාර්ෂික වාර්තාව (2014)
(viii) අනුකූලතා තක්සේරු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ  වාර්ෂික වාර්තාව (2015)

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1849 ට 2019 මාර්තු මස 21 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2019]

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි