2019 මාර්තු මස 09 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2019-03-09 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
2013 සහ 2014 වර්ෂ සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වාර්ෂික වාර්තා
අමාත්‍යාංශ නිවේදන
මුලතිව් දිස්ත්‍රික්කයේ ධීවරයින් සඳහා ප්‍රදීපාගාරයක් ඉදිකිරීම සම්බන්ධයෙන් 2019.02.20 දින ගරු ඩග්ලස් දේවානන්ද මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය, ගරු සාගල රත්නායක මහතා විසින් පිළිතුරු සපයන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2019) - දෙවැනිවර කියවීම (කල් තැබූ විවාදය) (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)
විසර්ජන පනත් කෙටුම්පත (2019) දෙවැනිවර කියවීමේ විවාදයේ සිව්වැනි වෙන් කළ දිනය අදයි.
අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2019) දෙවැනිවර කියවීමේ විවාදය පැය 1835 ට 2019 මාර්තු මස 11 වැනි සඳුදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






