2019 මාර්තු මස 08 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2019-03-08 |
නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : “ශ්‍රී ලංකා ඖෂධ විද්‍යා සංගමය (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යාවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජිකයන්
‘B’ : අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවල සේවය කිරීම සඳහා අතිරේක මන්ත්‍රීවරුන් පත් කිරීම
‘C’ : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
2018 වර්ෂයේ තෙවැනි කාර්තුව (2018.07.01-2018.09.30) සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(ii) 2014/2015 වර්ෂය සඳහා කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් හි වාර්ෂික වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු හර්ෂණ රාජකරුණා මහතා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු කේ. කේ. පියදාස මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු දිලිප් වෙදආරච්චි මහතා - පෙත්සම් හතරයි
(ii) ගරු චමල් රාජපක්‍ෂ මහතා
(iii) ගරු සුසන්ත පුංචිනිලමේ මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න
ගරු ඩග්ලස් දේවානන්ද මහතා
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ “ගම් පෙරළිය” වැඩසටහන
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2019) - දෙවැනිවර කියවීම (කල් තැබූ විවාදය) (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)
විසර්ජන පනත් කෙටුම්පත (2019) දෙවැනිවර කියවීමේ විවාදයේ තෙවැනි වෙන් කළ දිනය අදයි.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සමෘද්ධි වැඩසටහන ක්‍රියාත්මක කිරීම සහ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් සඳහා දීමනාව ලබාදීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ඉ. චාල්ස් නිර්මලනාදන් මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2019) දෙවැනිවර කියවීමේ විවාදය පැය 1900 ට 2019 මාර්තු මස 9 වැනි සෙනසුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






