2019 මාර්තු මස 05 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2019-03-05 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2019 මුදල් වර්ෂය සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අයවැය ඇස්තමේන්තු කෙටුම්පත්
(ii) 2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනතේ 4 සහ 7 වගන්ති යටතේ නිකුත් කරන ලද රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව - 2019
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2019) - දෙවැනිවර කියවීම
මුදල් අමාත්‍ය, ගරු මංගල සමරවීර මහතා ප.ව. 02.00 ට '2019 අයවැය කථාව' පැවැත්වීය.
කථානායකතුමාගේ නිවේදනය
2019 විසර්ජන පනත් කෙටුම්පතට අදාළව කාරක සභා අවස්ථාවේ දී යෝජනා කිරීමට නියමිත සියලුම සංශෝධන 2019 මාර්තු 08 වැනි සිකුරාදා අපර භාග 3.00 ට හෝ ඊට ප්‍රථම පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත භාරදිය යුතු බව.
අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2019) දෙවැනිවර කියවීමේ විවාදය පැය 1617 ට 2019 මාර්තු මස 6 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






