ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2019 පෙබරවාරි මස 22 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2019-02-22

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

‘A’ :  2018 නොවැම්බර් මස 14, 15 සහ 16 යන දිනයන්හි පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ඇතිවූ සිද්ධීන් වලට අදාළ කරුණු පිළිබඳව සොයාබැලීම සඳහා වූ විශේෂ කාරක සභාවේ වාර්තාව පිළිගැන්වීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    මුදල් කොමිෂන් සභාව විසින් අතිගරු ජනාධිපතිතුමා වෙත කෙරෙන නිර්දේශ - 2019

(ii)    2016 වර්ෂය සඳහා සැලසිනෙ රූපවාහිනී ආයතනයේ වාර්ෂික වාර්තාව
(iii)   2017 වර්ෂය සඳහා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(iv)   2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(v)    2017 වර්ෂය සඳහා කැළණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව
(vi)   2017 වර්ෂය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්
(vii)  2017 වර්ෂය සඳහා වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව
(viii)  2017 වර්ෂය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව
(ix)   2013 වර්ෂය සඳහා දේශීය ණය සහ සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව හා ගිණුම්

(x)    (87 අධිකාරය) භාර ආඥා පනතේ 6අ වගන්තිය සහ 19අ වගන්තිය සමඟ කියවිය යුතු 115අ වගන්තිය යටතේ ප්‍රකාශිත භාරවලට අදාළ තොරතුරු සම්බන්ධයෙන් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 ජනවාරි 28 දිනැති අංක 2108/10 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සහජීවනය සහතික කිරීම පිණිස ඒ පිළිබඳව අධ්‍යයනය කර සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අතුරු වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු කරු ජයසූරිය මහතා විසින් පිළිගන්වන ලදී.

(ii)   රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු බිමල් රත්නායක මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා

(පෙත්සම මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු මහින්ද රාජපක්ෂ මහතා
ශ්‍රීලංගමය තුළ උසස්වීම්, ස්ථාන මාරු ආදිය

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය, ගරු අශෝක් අබේසිංහ මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

(ii)   ගරු අනුර දිසානායක මහතා
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අර්බුදකාරී තත්වය

 

ශෝක ප්‍රකාශ යෝජනා

පහත දැක්වෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී:-

(i)    අභාවප්‍රාප්ත ගරු (අල්හාජ්)  ඒ. එච්. එම්. අස්වර් මහතා
(ii)   අභාවප්‍රාප්ත ගරු පී. එස්. සූසයිදාසන් මහතා
(iii)  අභාවප්‍රාප්ත ගරු පී. ඒ. ජිනදාස නියතපාල මහතා

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“ශ්‍රී ලංකාව හා ඇමෙරිකා එක්සත් ජනපදය අතර ආරක්ෂක ගිවිසුමක් (SOFA - Status of Forces Agreement)” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු බිමල් රත්නායක මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1654 ට 2019 මාර්තු මස 5 වැනි අඟහරුවාදා පැය 1400 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි