ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2019 පෙබරවාරි මස 21 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2019-02-21

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

‘A’ :  මත්ද්‍රව්‍ය භාවිතා කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයක් සම්බන්ධයෙන් වූ ගරු රන්ජන් රාමනායක මහතාගේ ප්‍රකාශය පිළිබඳව
‘B’ :  2019 මාර්තු මස 05 වැනි දින පාර්ලිමේන්තු පරිශ්‍රය අවට ආරක්ෂක වැඩපිළිවෙළ සම්බන්ධයෙන්

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී  ලංකා  ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  41ආ (6) ව්‍යවස්ථාව ප්‍රකාරව, 2018 වර්ෂයේ තෙවැනි කාර්තුව (2018.07.01- 2018.09.30) සඳහා මුදල් කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් ප්‍රකාශනය
(ii)   2015 වර්ෂය සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වාර්ෂික වාර්තාව

(iii)    2016 වර්ෂයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කාර්ය සාධනය සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව

(iv)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) වගන්තිය යටතේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය මත, ශ්‍රී ලංකා අග්නිදිග  විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨය තුළ රසායන විද්‍යා අධ්‍යයන අංශයක් පිහිටුවීම සම්බන්ධයෙන් සාදන ලදුව, 2018 දෙසැම්බර් 05 දිනැති අංක 2100/12 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ පළමුවැනි වාර්තාව (2017.06.06 සිට 2017.12.08 දක්වා) එම කාරක සභාවේ සභාපති ගරු ලසන්ත අලගියවන්න මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය                   
(ii)   ගරු නිමල් ලාන්සා මහතා                           -          පෙත්සම් දෙකයි                   
(iii)  ගරු මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා       -          පෙත්සම් තුනයි                  
(iv)  ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු මහින්ද රාජපක්ෂ මහතා
වී අස්වැන්න මිලදී ගැනීම

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය, ගරු පී. හැරිසන් මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

(ii)    ගරු ඩග්ලස් දේවානන්ද මහතා
වතු ප්‍රදේශවල තැපැල් සේවාවන් ක්‍රමවත්ව සිදුනොවීම සහ තැපැල් සේවකයින්ගේ හිඟය

තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය, ගරු අබ්දුල් හලීම් මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත යටතේ නියෝග දෙකක් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන)
සභාව විසින් අනුමත කරන ලදී.

 

කල් තැබීමේ යෝජනාව

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 2030 ට 2019 පෙබරවාරි මස 22 වැනි සිකුරාදා පැය 1030 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි