ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2019 පෙබරවාරි මස 20 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2019-02-20

නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

‘A’ :  විදුලි සෝපානයක් ක්‍රියාවිරහිත වීම සම්බන්ධයෙන්
‘B’ :  අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවල සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව, 2017 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දසවැනි කාණ්ඩයේ XXXII කොටස

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2015 වර්ෂය සඳහා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ වාර්ෂික වාර්තාව
(ii)   2016 වර්ෂය සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වාර්ෂික වාර්තාව

(iii)  2016 වර්ෂය සඳහා සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව හා වාර්ෂික ගිණුම්

(iv)   2017 අංක 30 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය යටතේ 2018.12.01 සිට 2018.12.31 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන

(v)   1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ කාට්සු - හයිලි ඇඩ්වාන්ස් මෙඩිකල් ටෙක්නොලොජි ට්‍රේනින් සෙන්ටර් (ප්‍රයිවට්) ලිමිටඩ් (KIU) ආයතනය සහ එස් එල් ටී කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය උපාධි ප්‍රදානය කිරීමේ ආයතන වශයෙන් පිළිගනිමින් නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 ජනවාරි 09 දිනැති අංක 2105/31 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයන්

(vi)   2016 වර්ෂයේ සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධනය සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග  119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව

(vii)   1985 අංක 48 දරන හා 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(3) වගන්තිය සහ 14 වගන්තිය සමඟ කියවිය යුතු  එකී පනතේ 20 වගන්තිය යටතේ වාහන වායු විමෝචන ප්‍රමිති සහ ආරක්ෂණ මිනුම්/ ප්‍රමිති සම්බන්ධයෙන් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 ජනවාරි 25 දිනැති අංක 2107/45 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු ජෝන් අමරතුංග මහතා                   
(ii)   ගරු අජිත් මාන්නප්පෙරුම මහතා              -      පෙත්සම් දෙකයි                           
(iii)  ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා         
(iv)  ගරු තේනුක විදානගමගේ මහතා    
(v)   ගරු ප්‍රසන්න රණවීර මහතා  

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු මහින්ද රාජපක්ෂ මහතා
දේශිය සිනමා කර්මාන්තයේ ගැටලු

(ii)    ගරු අනුර දිසානායක මහතා
2015 වර්ෂය තුළ විශ්‍රාම ලැබූ රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප්

රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය, ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.


(iii)    ගරු ඩග්ලස් දේවානන්ද මහතා
මුලතිව් දිස්ත්‍රික්කයේ ධීවරයින් සඳහා ප්‍රදීපාගාරයක් ඉදිකිරීම

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග දෙකක් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන)
සභාව විසින් අනුමත කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2019 පෙබරවාරි මස 21 වැනි බ්‍රහස්පතින්දා පැය 1030 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි