2019 පෙබරවාරි මස 06 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2019-02-06 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා අතිරේක මන්ත්‍රීවරුන් පත් කිරීම
‘B’ : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
- 2016 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXIII කොටස සහ නවවැනි කාණ්ඩයේ VII කොටස; සහ
- 2017 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ V සහ VI කොටස් සහ දසවැනි කාණ්ඩයේ XXXI කොටස
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(ii) 2017 වර්ෂය සඳහා සමුපකාර සේවක කොමිෂන් සභාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iii) 2017 වර්ෂය සඳහා පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iv) (235 අධිකාරය) රේගු ආඥා පනතේ 10 වගන්තිය යටතේ ආනයන තීරු ගාස්තු සම්බන්ධයෙන් වූ යෝජනාව.
(2018 ජූලි 10 දිනැති අංක 2079/32 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
(v) (235 අධිකාරය) රේගු ආඥා පනතේ 10 වගන්තිය යටතේ ආනයන තීරු ගාස්තු සම්බන්ධයෙන් වූ යෝජනාව.
(2018 ඔක්තෝබර් 08 දිනැති අංක 2092/8 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
(vi) (235 අධිකාරය) රේගු ආඥා පනතේ 10 වගන්තිය යටතේ ආනයන තීරු ගාස්තු සම්බන්ධයෙන් වූ යෝජනාව.
(2018 නොවැම්බර් 15 දිනැති අංක 2097/36 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
කාරක සභා වාර්තා පිළිගැන්වීම
නෛතික කටයුතු (දූෂණ විරෝධී) හා මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු අජිත් මාන්නප්පෙරුම මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු (වෛද්‍ය) අනෝමා ගමගේ මහත්මිය
(ii) ගරු පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා - පෙත්සම් පහයි
(iii) ගරු මහින්ද අමරවීර මහතා
(iv) ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා - පෙත්සම් දෙකයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලැබූ ප්‍රශ්න
පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න හතරක් අසන ලදී:-
(i) ගරු අනුර සිඩ්නි ජයරත්න මහතා
(ii) ගරු වාසුදේව නානායක්කාර මහතා
(iii) ගරු ඉ. චාල්ස් නිර්මලනාදන් මහතා
(iv) ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න
ගරු මහින්ද රාජපක්ෂ මහතා
රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලු
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය, ගරු නිරෝෂන් පෙරේරා මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
අද දින න්‍යාය පත්‍රයේ සඳහන් වූ “පිළිකා සරණ භාරය (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පත ගරු එඩ්වඩ් ගුණසේකර මහතා විසින් සභාවේ අවසරය ඇතිව ඉල්ලා අස්කර ගන්නා ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී -
(i) වරදකරුවන් භාරදීමේ පනත යටතේ නියමය
(ii) ණය සහනදායක ආඥාපනත යටතේ නියෝග
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“මුස්ලිම් අන්තවාදී කණ්ඩායමට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගැනීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1855 ට 2019 පෙබරවාරි මස 7 වැනි බ්‍රහස්පතින්දා පැය 1030 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






