ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2019 පෙබරවාරි මස 05 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2019-02-05

නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

‘A’ : 2018 ජුනි 5 වැනි දින පැවැත්වූ නියෝජ්‍ය කථානායකවරයා තෝරා පත්කරගැනීමේ ඡන්ද විමසීමේදී භාවිතයට ගනු ලැබූ ඡන්ද පත්‍රිකා විනාශ කිරීම සම්බන්ධයෙන්
‘B’ : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කිරීම
‘C’ : මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සේවය සඳහා දැනට සිටින මන්ත්‍රීවරයෙක් වෙනුවට නව මන්ත්‍රීවරයෙක් පත් කිරීම
‘D’ : පහත සඳහන් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවල සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම -

  • ආරක්ෂක
  • මහවැලි සංවර්ධන හා පරිසර

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    ශ්‍රී  ලංකා  ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  41ආ (6) ව්‍යවස්ථාව ප්‍රකාරව, 2018 වර්ෂයේ තෙවැනි කාර්තුව (2018.07.01 - 2018.09.30) සඳහා සීමා නිර්ණය කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව;
(ii)    ශ්‍රී  ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  41ආ (6) සහ 153ඌ ව්‍යවස්ථා ප්‍රකාරව, 2018 වර්ෂයේ තෙවැනි කාර්තුව සඳහා (2018.07.01 - 2018.09.30) විගණන සේවා කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව; සහ
(iii)    ශ්‍රී  ලංකා  ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  41ආ (6) සහ 55(5)  ව්‍යවස්ථා ප්‍රකාරව, 2018 වර්ෂයේ දෙවැනි කාර්තුව සඳහා (2018.04.01 - 2018.06.30) රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ප්‍රගති වාර්තාව

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2016 වර්ෂයේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ කාර්ය සාධනය සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග  119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව

(ii)    2017 අංක 30 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය යටතේ 2018.08.16 සිට 2018.11.30 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන්.
(iii)    2011 අංක 18 දරන වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනතේ 3(3) වගන්තිය යටතේ වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2018 ජූලි 11 දිනැති අංක 2079/34 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය.
(iv)    2006 අංක 12 දරන මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ මුද්දර ගාස්තු  සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2018 ඔක්තෝබර් 01 දිනැති අංක 2091/3 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය.
(v)    2006 අංක 12 දරන මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ මුද්දර ගාස්තු  සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2018 දෙසැම්බර් 31 දිනැති අංක 2104/5 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය

(vi)    2016 වර්ෂයේ පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුවේ කාර්ය සාධනය සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග  119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව

(vii)    ජාතික ධීවර හා ජලජීවී වගා ප්‍රතිපත්තිය

(viii)    1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14(1) වගන්තිය යටතේ සෙස් බදු සම්බන්ධයෙන් සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2018 ඔක්තෝබර් 17 දිනැති අංක 2093/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය

(ix)    2016 වර්ෂය සඳහා සේවක අර්ථසාධක අරමුදලේ වාර්ෂික වාර්තාව

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු බුද්ධික පතිරණ මහතා              -     පෙත්සම් පහයි  
(ii)    ගරු ගාමිණී ලොකුගේ මහතා          
(iii)     ගරු විජිත හේරත් මහතා              -     පෙත්සම් හතරයි
(iv)    ගරු සුසන්ත පුංචිනිලමේ මහතා          -     පෙත්සම් දෙකයි
(v)     ගරු නිහාල් ගලප්පත්ති මහතා           -     පෙත්සම් දෙකයි
(vi)     ගරු ඩී. වී. චානක මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න

ගරු මහින්ද රාජපක්ෂ මහතා
ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ඉවත් කිරීම

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

2019 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා ද; ඒ සේවා කාර්යය සඳහා ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැර හෝ ණය ලබා ගැනීමට බලය දීම සඳහා ද; ඒ මුදල් වර්ෂය තුළ ආණ්ඩුවේ ඇතැම් කටයුතු වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන සැපයීම සඳහා ද; එම කටයුතු වෙනුවෙන් ඒ මුදල් වර්ෂය තුළ වියදම් සඳහා අවශ්‍ය වන මුදල් ඒකාබද්ධ අරමුදලින් හෝ ආණ්ඩුවේ හෝ ආණ්ඩුවට සුදුස්සක් කළ හැකි වෙනත් යම් අරමුදලකින් හෝ මුදල්වලින් හෝ අත්තිකාරම් වශයෙන් ගෙවීමට ඉඩ සැලසීම සඳහා ද; ඒකාබද්ධ අරමුදලට ඒ මුදල් ආපසු ගෙවීමට විධිවිධාන සැලසීම සහ ඉහත කී කරුණු හා සම්බන්ධ හෝ එයට ආනුෂංගික කරුණු සම්බන්ධයෙන් විධිවිධාන සැලසීම ‍සඳහා ද වූ

“‍විසර්ජන”

නමැති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සභානායක, ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

පාර්ලිමේන්තුවේ සභානායක, ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඉදිරිපත් කරන ලද පහත සඳහන් ‍යෝජනා වලට සභාව එකඟ විය -

(i)    පාර්ලිමේන්තුවේ කටයුතු

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 38(4) හි සඳහන් “ආණ්ඩු පාර්ශ්වයට ප්‍රශ්න දෙකක් ද විරුද්ධ පාර්ශ්වයට ප්‍රශ්න දෙකක් ද” යන වචන වෙනුවට “ආණ්ඩු පාර්ශ්වයට ප්‍රශ්න එකක් ද විරුද්ධ පාර්ශ්වයට ප්‍රශ්න තුනක් ද” යන වචන යෙදීමෙන් එම ස්ථාවර නියෝගය මෙම සභාවාරය තුළ දී ක්‍රියාත්මක විය යුතු ය

(ii)   පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 115 හි විධිවිධානවල  සහ 2019 ජනවාරි 11  දින පාර්ලිමේන්තුව විසින් සම්මත කර ගත් යෝජනාවෙහි කුමක් සඳහන්ව තිබුණ ද, 2019 ජනවාරි 25 දින තේරීම් කාරක සභාව විසින් තීරණය කළ පරිදි, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, කථානායකවරයා සභාපතිවරයා වූ ද, නියෝජ්‍ය කථානායකවරයා, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා, පාර්ලිමේන්තුවේ සභානායකවරයා, විරුද්ධ පාර්ශ්වයේ නායකවරයා, ආණ්ඩු පාර්ශ්වයේ  ප්‍රධාන සංවිධායකවරයා, විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන තවත් සාමාජික මන්ත්‍රීවරයන් දහනව දෙනෙකුගෙන් (19) සමන්විත විය යුතු ය

(iii)    අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112 (1) හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, 2019  ජනවාරි 25 දින තේරීම් කාරක සභාව විසින් තීරණය කළ පරිදි 2019 ජනවාරි 24 දින පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද  අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා තිස් එකට (31) අමතරව, මතු දැක්වෙන  අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා පහ (05) පත් කළ යුතු ය.

  1. කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
  2. විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
  3. ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
  4. ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
  5. විශේෂ ප්‍රදේශ සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

එකී කාරක සභාව වෙත යොමු කරනු ලබන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කර බලා වාර්තා කිරීම සඳහා එක් එක් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, අදාළ විෂය භාර අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන අමාත්‍යවරයා සභාපතිවරයා වූ ද, රාජ්‍ය අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පස් දෙනෙකුගෙන් (05) සමන්විත විය  යුතු ය.

ඉහත එක් එක් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවක ගණපූරණය සාමාජික මන්ත්‍රීවරයන් තුන් දෙනෙකුගෙන් (03) සංයුක්ත විය යුතු ය.

 

කල් තැබීමේ යෝජනාව

“බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1855 ට 2019 පෙබරවාරි මස 6 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි