2018 ජුනි මස 08 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2018-06-08 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
අභිනව මන්ත්‍රීවරයන්ගේ නිල ප්‍රතිඥාව හෝ දිවුරුම
ගරු මොහොමඩ් නවවි මහතාගේ ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා ගරු සීනි මොහමඩ් මොහමඩ් ඉස්මයිල් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගරු කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
- 2015 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ XXVII කොටස, පස්වැනි කාණ්ඩයේ VIII කොටස සහ හයවැනි කාණ්ඩයේ XV, XVIII හා XXI කොටස් ; සහ
- 2016 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ XIX කොටස, සිව්වැනි කාණ්ඩයේ IV කොටස සහ හයවැනි කාණ්ඩයේ IV කොටස
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2017 වර්ෂය සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව
(ii) 2017 වර්ෂය සඳහා සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ ගිණුම්
(iii) 2017 වර්ෂය සඳහා රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(iv) 2017 වර්ෂය සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන හා ගිණුම් වාර්තාව
(v) 2017 වර්ෂය සඳහා ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(vi) 2017 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(vii) 2017 වර්ෂය සඳහා විදේශ රැකියා අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(viii) 2017 වර්ෂය සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(ix) 2014 සහ 2015 වර්ෂ සඳහා ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ වාර්ෂික වාර්තා
(x) 2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයේ වාර්ෂික වාර්තාව
පෙත්සම් පිළිගැන්වීම
ගරු ප්‍රසන්න රණතුංග මහතා - පෙත්සම් දෙකයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ටී.එන්.එල්. රූපවාහිනී ආයතනයේ පොල්ගහවෙල සම්ප්‍රේෂණ කුලුන මුද්‍රා තැබීම
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
දකුණු ආසියාතික තාක්ෂණික සහ වෛද්‍ය ආයතනයෙහි ලියාපදිංචි වී ඇති ශිෂ්‍යයන් 1981 අංක 68 දරන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත මඟින් පිහිටුවන ලද ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අන්තර්ග්‍රහණය කිරීමට අදාළ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා සහ ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා වූ
“ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (විශේෂ විධිවිධාන)”
නමැති පනත් කෙටුම්පත උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
ජාතික ආරක්ෂක අරමුදල් (සංශෝධන) පනත් කෙටුම්පත
සභාව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“හබරාදූව සහ අනෙකුත් ප්‍රදේශවල ග්‍රාමීය බැංකු මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1909 ට 2018 ජුනි මස 19 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






