2018 ජුනි මස 06 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2018-06-06 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2017 වර්ෂය සඳහා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(ii) 2017 වර්ෂය සඳහා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(iii) 2017 වර්ෂය සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(iv) 2017 වර්ෂය සඳහා නීති කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(v) 2017 වර්ෂය සඳහා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(vi) 2017 වර්ෂය සඳහා සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(vii) 2017 වර්ෂය සඳහා රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(viii) 2017 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(ix) 2017 වර්ෂය සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ ගිණුම්
(x) 2017 වර්ෂය සඳහා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය සාධන හා ගිණුම් වාර්තාව
(xi) 2017 වර්ෂය සඳහා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව හා ගිණුම්
(xii) 2017 වර්ෂය සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව හා ගිණුම්
(xiii) 2017 වර්ෂය සඳහා මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන හා ගිණුම් වාර්තාව
(xiv) 2017 වර්ෂය සඳහා වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xv) 2015 වර්ෂය සඳහා ගාලු උරුමය පදනමේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) ව්‍යාපාර හා වාණිජ කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) බලශක්තිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු චන්දිම ගමගේ මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු ජෝන් අමරතුංග මහතා - පෙත්සම් දෙකයි
(ii) ගරු ගාමිණී ලොකුගේ මහතා - පෙත්සම් දෙකයි
(iii) ගරු රවී කරුණානායක මහතා
(iv) ගරු රංජිත් අලුවිහාරේ මහතා - පෙත්සම් හතරයි
(v) ගරු බුද්ධික පතිරණ මහතා - පෙත්සම් නවයයි
(vi) ගරු චන්දිම ගමගේ මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න
පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න හතරක් අසන ලදී:-
(i) ගරු බුද්ධික පතිරණ මහතා
(ii) ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා
(iii) ගරු අනුර දිසානායක මහතා
(iv) ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න
ගරු ඩග්ලස් දේවානන්ද මහතා
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලීම
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී -
(i) කාර්යාලයීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
(ii) සූතිකාධාර (සංශෝධන) පනත් කෙටුම්පත
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“දහම් පාසල් අධ්‍යාපනය ශක්තිමත් කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1930 ට 2018 ජුනි මස 7 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






