විදුලිබලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අනුමතිය සඳහා හෙට පාර්ලිමේන්තුවට |
2025-09-23 |
![]() |
| තවදුරටත් කියවන්න |
|
||||||||||||||
| තවත් |
2025 සැප්තැම්බර් මස 24 වැනි දින සභාවේ කටයුතු |
2025-09-24 |
|---|
| නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු (වෛද්‍ය) රිස්වි සාලි මහතා මූලසනාරූඪ විය. ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i) 2023 වර්ෂය සඳහා රුහුණ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව(ii) 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව(iii) 2023 වර්ෂය සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව කාරක සභා වාර්තා පිළිගැන්වීමරාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නජිත් ඉන්දික මහතා විසින් පිළිගන්වන ලදී. පෙත්සම් පිළිගැන්වීම(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී... |
| තවදුරටත් කියවන්න |
|
||||||||||||||
| තවත් |
සැප්තැම්බර් මස දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු |
2025-09-12 |
| 2025 සැප්තැම්බර් මස 11 සහ 23 යන දිනවල රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2025 සැප්තැම්බර් මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:- |
| තවදුරටත් කියවන්න |
|
||||||||||||||
| තවත් |
මේ සතියේ පාර්ලිමේන්තුව (ජූලි මස පළමුවැනි රැස්වීම් සතිය) |
2021-07-16 |
| අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් කිහිපයක් සම්මත වෙයිපවතින කෝවිඩ් තත්ත්වය හේතුවෙන් පසුගිය කාලය තුළ පාර්ලිමේන්තු රැස්වීම් සීමා වුවද ඉකුත් සතියේ පාර්ලිමේන්තුව ජූලි 06 වන දින සිට 09 වන දින දක්වා දින 04 ක් රැස්විය. විශේෂයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය පිළිබඳ මාධ්‍ය වාර්තා පළවීමත් සමග පාර්ලිමේන්තුව කෙරෙහිද බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබිණි. මෙම සතිය තුළ `කෝප් කමිටුව’ ඇතුළු කාරක සභා රැස්වීම් කිහිපයක්ද පැවති අතර ඉකුත් සතිය පාර්ලිමේන්තුව අතිශය කාර්ය කාර්යබහුල සතියක් විය. ඉකුත් සතියේ පාර්ලිමේන්තු කටයුතු... |
| තවදුරටත් කියවන්න |
|
||||||||||||||
| තවත් |
සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වාර්ෂික කාර්ය සාධන වාර්තාවක් සහ වාර්ෂික වාර්තාවක් අනුමත කරයි |
2025-09-23 |
![]() |
| තවදුරටත් කියවන්න |
|
||||||||||||||
| තවත් |
සියලු හැන්සාඩ් වාර්තා |
සියලු න්‍යාය පත්‍ර |
සියලු පරිපූරක |
සියලු න්‍යාය පුස්තක |
සියලු කාරක සභා වාර්තා |
|
||||||||||||||
පිළිතුරු දුන්
|
පිළිතුරු දීමට නියමිත
|
රජයේ පනත් කෙටුම්පත් - විසර්ජන පනත් කෙටුම්පත
විසර්ජන පනත් කෙටුම්පත
විසර්ජන පනත් කෙටුම්පතක කාර්ය පටිපාටියද සාමාන්‍ය පනත් කෙටුම්පතක කාර්ය පටිපාටියට සමාන වේ. නමුත් ස්ථාවර නියෝග 75 ප්‍රකාර විසර්ජන පනත් කෙටුම්පතක් සළකා බැලීම සඳහා දින 26 ක් වෙන් කරනු ලබයි.
විසර්ජන පනත් කෙටුම්පතක දෙවැනිවර කියවීම අයවැය කථාව සමග ආරම්භ වන අතර එය උපරිම වශයෙන් දින 7 ක් දක්වා පැවතිය හැකිය.
දෙවැනිවර කියවීම සඳහා වෙන්කරන ලද දින 7 අවසානයේදී විසර්ජන පනත් කෙටුම්පත සඳහා ජන්දය විමසීම සිදුකරනු ලැබේ. පාර්ලිමේන්තුව පනත් කෙටුම්පතට ජන්දය දීමෙන් පසුව එය පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවකට යොමු කරනු ලැබේ.
විසර්ජන පනත් කෙටුම්පතෙහි කාරක සභා අවස්ථාව
කාරක සභා අවස්ථාව සඳහා උපරිම වශයෙන් දින 20 ක් වෙන්කළ යුතුය. විසර්ජන පනත් කෙටුම්පත පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාව වෙත යොමුකළ විට ස්ථාවර නියෝග 130 ප්‍රකාර යෝජිත සංශෝධන සමගින් සියලු වගන්ති, ශීර්ෂ හා උපලේඛන සළකා බලනු ලබන අතර ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට වාර්තා කරනු ලබයි. ස්ථාවර නියෝග 28 හි කුමක් සඳහන්ව තිබුණද ස්ථාවර නියෝග 130(9) ප්‍රකාර කිසියම් වැඩසටහනක්, ව්‍යාපෘතියක් හෝ වැය විෂය විස්තරයක් සඳහා වෙන් කරනු ලබන මුදල අඩු කිරීමේ යෝජනාවක් ගැන කලින් දැනුම් දිය යුතුය.
පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවකදී සියලුම අමාත්‍යංශ වැය ශීර්ෂ සම්මත වීමෙන් අනතුරුව එසැනින්ම පාර්ලිමේන්තුව නැවත රැස්වේ. පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී සලකා බලා සංශෝධන සහිතව හෝ රහිතව සම්මත කළ බව පාර්ලිමේන්තුවට වාර්තා කරනු ලැබේ. ඉන් අනතුරුව පනත් කෙටුම්පත තුන්වැනි වර කියවනු ලබන අතර එම අවස්ථාවේදී ගරු කථානායකතුමා කිසියම් වසරක් සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සංශෝධන සහිතව හෝ රහිතව පාර්ලිමේන්තුව විසින් සම්මත කළ බව ප්‍රකාශයට පත්කරනු ලැබේ.
විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්‍ෂේප කළහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48(2) ව්‍යවස්ථාව ප්‍රකාර අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේය.
- << පෙර
- ඊළඟ
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම















