ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

chamber-front

දශක 4කට පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහා පරිමාණයෙන් සිදුකරනු ලබන අලුත්වැඩියා කටයුතු ආරම්භ කෙරේ

අමාත්‍ය මණ්ඩල අනුමතිය යටතේ, වසර 42කට අධික කාලයකට පසු මෙලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිදුවන අලුත්වැඩියා කටයුතු ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත සිදුකරනු ලබයි.

තවදුරටත්

chamber-front

දේශබන්ධු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතය බහුතර ඡන්දයෙන් සම්මතයි

2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වන වගන්තිය ප්‍රකාරව ටී.එම්.ඩබ්ලිව්. දේශබන්ධු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම පිණිස ඉදිරිපත් කර තිබූ යෝජනා සම්මතය අද (අගෝ. 05) පාර්ලිමේන්තුවේදී බහුතර ඡන්දයෙන් සම්මත විය.

තවදුරටත්

Parliament

2002 අංක 5 දරන නිලධාරීන් ඉවත් කිරීමේ (ක්‍රියාපටිපාටිය) පනතේ 5 වන වගන්තිය සමඟ කියවන ලද 3(d) සහ 3(e) වගන්ති ප්‍රකාරව, විෂමාචාරය සහ ඔහුගේ ධුරයේ බලය දැඩි ලෙස අයුතු ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන්, පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා, 2025 අප්‍රේල් 08 වන අඟහරුවාදා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව මගින් පත් කරන ලද විමර්ශන කමිටුවේ වාර්තාව

වාර්තාව
  • දශක 4කට පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහා පරිමාණයෙන් සිදුකරනු ලබන අලුත්වැඩියා කටයුතු ආරම්භ කෙරේ

    අමාත්‍ය මණ්ඩල අනුමතිය යටතේ, වසර 42කට අධික කාලයකට පසු මෙලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිදුවන අලුත්වැඩියා කටයුතු ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත සිදුකරනු ලබයි.

    තවදුරටත්

  • දේශබන්ධු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතය බහුතර ඡන්දයෙන් සම්මතයි

    2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වන වගන්තිය ප්‍රකාරව ටී.එම්.ඩබ්ලිව්. දේශබන්ධු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම පිණිස ඉදිරිපත් කර තිබූ යෝජනා සම්මතය අද (අගෝ. 05) පාර්ලිමේන්තුවේදී බහුතර ඡන්දයෙන් සම්මත විය.

    තවදුරටත්

  • 2002 අංක 5 දරන නිලධාරීන් ඉවත් කිරීමේ (ක්‍රියාපටිපාටිය) පනතේ 5 වන වගන්තිය සමඟ කියවන ලද 3(d) සහ 3(e) වගන්ති ප්‍රකාරව, විෂමාචාරය සහ ඔහුගේ ධුරයේ බලය දැඩි ලෙස අයුතු ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන්, පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා, 2025 අප්‍රේල් 08 වන අඟහරුවාදා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව මගින් පත් කරන ලද විමර්ශන කමිටුවේ වාර්තාව

    වාර්තාව


විදුලිබලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අනුමතිය සඳහා හෙට පාර්ලිමේන්තුවට

2025-09-23
1
විදුලිබලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කරන ලද නියමය ඇතුළත්  ගැසට් නිවේදනය අනුමතිය සඳහා හෙට (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අද (සැප්. 23) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය.  මේ අනුව 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ 2025.09.21 වැනිදා නිකුත් කළ අංක 2454/68 දරන ගැසට් පත්‍රයේ ජනාධිපතිතුමා විසින් විසින් කරන ලද ප්‍රකාශනය මෙසේ විවාදයකින් තොරව හෙට අනුමතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.     
තවදුරටත් කියවන්න

දිනය මාතෘකාව
2025-09-23 විදුලිබලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන්...
2025-09-22 ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පතට ...
2025-09-18 ශ්‍රී ලංකාවේ විදුලි බල ක්ෂේත්‍රයේ...
2025-09-17 පාර්ලිමේන්තුව සැප්තැම්බර් 23 සිට 26 දක්වා...
2025-09-17 කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයීය ශිෂ්‍ය...
තවත්

2025 සැප්තැම්බර් මස 24 වැනි දින සභාවේ කටයුතු

2025-09-24
නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු (වෛද්‍ය) රිස්වි සාලි මහතා මූලසනාරූඪ විය. ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    2023 වර්ෂය සඳහා රුහුණ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව(ii)    2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව(iii)    2023 වර්ෂය සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව කාරක සභා වාර්තා පිළිගැන්වීමරාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නජිත් ඉන්දික මහතා විසින් පිළිගන්වන ලදී. පෙත්සම් පිළිගැන්වීම(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී...
තවදුරටත් කියවන්න

දිනය මාතෘකාව
2025-09-24 2025 සැප්තැම්බර් මස 24 වැනි දින සභාවේ කටයුතු
2025-09-23 2025 සැප්තැම්බර් මස 23 වැනි දින සභාවේ කටයුතු
2025-09-12 2025 සැප්තැම්බර් මස 12 වැනි දින සභාවේ කටයුතු
2025-09-11 2025 සැප්තැම්බර් මස 11 වැනි දින සභාවේ කටයුතු
2025-09-10 2025 සැප්තැම්බර් මස 10 වැනි දින සභාවේ කටයුතු
තවත්

සැප්තැම්බර් මස දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු

2025-09-12
2025 සැප්තැම්බර් මස 11 සහ 23 යන දිනවල රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2025 සැප්තැම්බර් මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-  
තවදුරටත් කියවන්න

රැස්වීම් සතියේ
පළමු දිනය
මාතෘකාව
2025-09-23 සැප්තැම්බර් මස දෙවැනි රැස්වීම් සතියේ සභාවේ...
2025-09-09 සැප්තැම්බර් මස පළමුවැනි රැස්වීම් සතියේ...
2025-08-19 අගෝස්තු මස දෙවැනි රැස්වීම් සතියේ සභාවේ...
2025-08-05 අගෝස්තු මස පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ...
2025-07-22 ජූලි මස දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු
තවත්

මේ සතියේ පාර්ලිමේන්තුව (ජූලි මස පළමුවැනි රැස්වීම් සතිය)

2021-07-16
අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් කිහිපයක් සම්මත වෙයිපවතින කෝවිඩ් තත්ත්වය හේතුවෙන් පසුගිය කාලය තුළ පාර්ලිමේන්තු රැස්වීම් සීමා වුවද ඉකුත් සතියේ පාර්ලිමේන්තුව ජූලි 06 වන දින සිට 09 වන දින දක්වා දින 04 ක් රැස්විය. විශේෂයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය පිළිබඳ මාධ්‍ය වාර්තා පළවීමත් සමග පාර්ලි‍මේන්තුව කෙරෙහිද බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබිණි. මෙම සතිය තුළ ‍`කෝප් කමිටුව’ ඇතුළු කාරක සභා රැස්වීම් කිහිපයක්ද පැවති අතර ඉකුත් සතිය පාර්ලිමේන්තුව අතිශය කාර්ය කාර්යබහුල සතියක් විය. ඉකුත් සතියේ පාර්ලිමේන්තු කටයුතු...
තවදුරටත් කියවන්න

දිනය මාතෘකාව
2021-07-16 මේ සතියේ පාර්ලිමේන්තුව (ජූලි මස පළමුවැනි...
2021-07-02 මේ සතියේ පාර්ලිමේන්තුව (ජුනි මස දෙවැනි...
2021-06-21 මේ සතියේ පාර්ලිමේන්තුව (ජුනි මස පළමුවැනි...
2021-05-12 මේ සතියේ පාර්ලිමේන්තුව (මැයි මස පළමුවැනි...
2015-05-25 මේ සතියේ පාර්ලිමේන්තුව (මැයි මස දෙවැනි...
තවත්

සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වාර්ෂික කාර්ය සාධන වාර්තාවක් සහ වාර්ෂික වාර්තාවක් අනුමත කරයි

2025-09-23
1
සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් 2024 වසර සඳහා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ 2021 සහ 2023 වසර සඳහා ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ...
තවදුරටත් කියවන්න

දිනය මාතෘකාව
2025-09-23 සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබලගැන්වීම...
2025-09-23 දණ්ඩ නීති සංග්‍රහය (සං‍ශෝධන) පනත් කෙටුම්පතට...
2025-09-18 තේ වගාකරුවන්ට පොහොර ලබාදීම සඳහා සති දෙකක් තුළ ...
2025-09-18 තරුණ තරුණියන්ට පාර්ලිමේන්තු කාරක සභා සහ...
2025-09-18 මෙරට තරුණ කාන්තා දේශපාලන සහභාගීත්වය...
තවත්
2025-09-24 දින සභාවේ වැඩ කටයුතු මධ්‍යම රාත්‍රී 12.00 - මධ්‍යම රාත්‍රී 12.00
2025-09-23 දින සභාවේ වැඩ කටයුතු පෙ.ව. 09:30 - ප.ව. 05:49
2025-09-12 දින සභාවේ වැඩ කටයුතු මධ්‍යම රාත්‍රී 12.00 - මධ්‍යම රාත්‍රී 12.00
2025-09-11 දින සභාවේ වැඩ කටයුතු පෙ.ව. 09:30 - ප.ව. 05:44
2025-09-10 දින සභාවේ වැඩ කටයුතු පෙ.ව. 09:30 - ප.ව. 05:47

මේ මොහොතේ සජීවී විකාශයක් නොමැත.

සභා සැරිය

පාර්ලිමේන්තු සභා ගර්භයේ 360° පරිදර්ශනය..නරඹන්න

ඡායාරූප ගැලරිය

ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුවේ ඡායාරූප..නරඹන්න

වාර්තා චිත්‍රපටිය

ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව පිළිබඳ වාර්තා චිත්‍රපටිය නරඹන්න..නරඹන්න

රජයේ පනත් ‌කෙටුම්පත් - විසර්ජන පනත් කෙටුම්පත

විසර්ජන පනත් කෙටුම්පත

විසර්ජන පනත් කෙටුම්පතක කාර්ය පටිපාටියද සාමාන්‍ය පනත් කෙටුම්පතක කාර්ය පටිපාටියට සමාන වේ. නමුත් ස්ථාවර නියෝග 75 ප්‍රකාර විසර්ජන පනත් කෙටුම්පතක් සළකා බැලීම සඳහා දින 26 ක් වෙන් කරනු ලබයි.

විසර්ජන පනත් කෙටුම්පතක දෙවැනි වර කියවීම අයවැය කථාව සමග ආරම්භ වන අතර එය උපරිම වශයෙන් දින 7 ක් දක්වා පැවතිය හැකිය.

දෙවැනි වර කියවීම සඳහා වෙන්කරන ලද දින 7 අවසානයේදී විසර්ජන පනත් කෙටුම්පත සඳහා ඡන්දය විමසීම ස්ථාවර නියෝග 47 හි දක්වා ඇති පරිදි සිදුකරනු ලැබේ. පාර්ලිමේන්තුව පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය දීමෙන් පසුව එය පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවකට යොමු කරනු ලැබේ.

විසර්ජන පනත් කෙටුම්පතෙහි කාරක සභා අවස්ථාව

කාරක සභා අවස්ථාව සඳහා උපරිම වශයෙන් දින 22 ක් වෙන්කළ යුතුය. විසර්ජන පනත් කෙටුම්පත පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාව වෙත යොමුකළ විට ස්ථාවර නියෝග 130 ප්‍රකාර යෝජිත සංශෝධන සමගින් සියලු වගන්ති, ශීර්ෂ හා උපලේඛන සළකා බලනු ලබන අතර ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට වාර්තා කරනු ලබයි. ස්ථාවර නියෝග 28 හි කුමක් සඳහන්ව තිබුණද ස්ථාවර නියෝග 130(9) ප්‍රකාර කිසියම් වැඩසටහනක්, ව්‍යාපෘතියක් හෝ වැය විෂය විස්තරයක් සඳහා වෙන් කරනු ලබන මුදල අඩු කිරීමේ යෝජනාවක් ගැන කලින් දැනුම් දිය යුතුය.

පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවකදී සියලුම අමාත්‍යංශ වැය ශීර්ෂ සම්මත වීමෙන් අනතුරුව එසැනින්ම පාර්ලිමේන්තුව නැවත රැස්වේ. එකී වැය ශීර්ෂ කාරක සභා අවස්ථාවේදී සලකා බලා සං‍ශෝධන සහිතව හෝ රහිතව සම්මත කළ බව පාර්ලිමේන්තුවට වාර්තා කරනු ලැබේ. ඉන් අනතුරුව පනත් කෙටුම්පත තුන්වැනි වර කියවා ස්ථාවර නියෝග 47 ප්‍රකාරව ඡන්දයෙන් සම්මත කරනු ලබන අතර එම අවස්ථාවේදී ගරු කථානායකතුමා කිසියම් වසරක් සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සං‍‍‍ශෝධන සහිතව‍ හෝ රහිතව පාර්ලිමේන්තුව විසින් සම්මත කළ බව ප්‍රකාශයට පත්කරනු ලැබේ.

විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්‍‍ෂේප කළහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48(2) ව්‍යවස්ථාව ප්‍රකාර අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේය.

 

ප්‍රචාරණය කරන්න

අවසන් යාවත්කාලීන කිරීම 2022-11-18

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි