ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

chamber-front

දශක 4කට පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහා පරිමාණයෙන් සිදුකරනු ලබන අලුත්වැඩියා කටයුතු ආරම්භ කෙරේ

අමාත්‍ය මණ්ඩල අනුමතිය යටතේ, වසර 42කට අධික කාලයකට පසු මෙලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිදුවන අලුත්වැඩියා කටයුතු ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත සිදුකරනු ලබයි.

තවදුරටත්

chamber-front

දේශබන්ධු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතය බහුතර ඡන්දයෙන් සම්මතයි

2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වන වගන්තිය ප්‍රකාරව ටී.එම්.ඩබ්ලිව්. දේශබන්ධු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම පිණිස ඉදිරිපත් කර තිබූ යෝජනා සම්මතය අද (අගෝ. 05) පාර්ලිමේන්තුවේදී බහුතර ඡන්දයෙන් සම්මත විය.

තවදුරටත්

Parliament

2002 අංක 5 දරන නිලධාරීන් ඉවත් කිරීමේ (ක්‍රියාපටිපාටිය) පනතේ 5 වන වගන්තිය සමඟ කියවන ලද 3(d) සහ 3(e) වගන්ති ප්‍රකාරව, විෂමාචාරය සහ ඔහුගේ ධුරයේ බලය දැඩි ලෙස අයුතු ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන්, පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා, 2025 අප්‍රේල් 08 වන අඟහරුවාදා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව මගින් පත් කරන ලද විමර්ශන කමිටුවේ වාර්තාව

වාර්තාව
  • දශක 4කට පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහා පරිමාණයෙන් සිදුකරනු ලබන අලුත්වැඩියා කටයුතු ආරම්භ කෙරේ

    අමාත්‍ය මණ්ඩල අනුමතිය යටතේ, වසර 42කට අධික කාලයකට පසු මෙලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිදුවන අලුත්වැඩියා කටයුතු ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත සිදුකරනු ලබයි.

    තවදුරටත්

  • දේශබන්ධු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතය බහුතර ඡන්දයෙන් සම්මතයි

    2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වන වගන්තිය ප්‍රකාරව ටී.එම්.ඩබ්ලිව්. දේශබන්ධු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම පිණිස ඉදිරිපත් කර තිබූ යෝජනා සම්මතය අද (අගෝ. 05) පාර්ලිමේන්තුවේදී බහුතර ඡන්දයෙන් සම්මත විය.

    තවදුරටත්

  • 2002 අංක 5 දරන නිලධාරීන් ඉවත් කිරීමේ (ක්‍රියාපටිපාටිය) පනතේ 5 වන වගන්තිය සමඟ කියවන ලද 3(d) සහ 3(e) වගන්ති ප්‍රකාරව, විෂමාචාරය සහ ඔහුගේ ධුරයේ බලය දැඩි ලෙස අයුතු ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන්, පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා, 2025 අප්‍රේල් 08 වන අඟහරුවාදා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව මගින් පත් කරන ලද විමර්ශන කමිටුවේ වාර්තාව

    වාර්තාව


විදුලිබලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අනුමතිය සඳහා හෙට පාර්ලිමේන්තුවට

2025-09-23
1
විදුලිබලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කරන ලද නියමය ඇතුළත්  ගැසට් නිවේදනය අනුමතිය සඳහා හෙට (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අද (සැප්. 23) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය.  මේ අනුව 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ 2025.09.21 වැනිදා නිකුත් කළ අංක 2454/68 දරන ගැසට් පත්‍රයේ ජනාධිපතිතුමා විසින් විසින් කරන ලද ප්‍රකාශනය මෙසේ විවාදයකින් තොරව හෙට අනුමතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.     
තවදුරටත් කියවන්න

දිනය මාතෘකාව
2025-09-23 විදුලිබලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන්...
2025-09-22 ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පතට ...
2025-09-18 ශ්‍රී ලංකාවේ විදුලි බල ක්ෂේත්‍රයේ...
2025-09-17 පාර්ලිමේන්තුව සැප්තැම්බර් 23 සිට 26 දක්වා...
2025-09-17 කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයීය ශිෂ්‍ය...
තවත්

2025 සැප්තැම්බර් මස 24 වැනි දින සභාවේ කටයුතු

2025-09-24
නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු (වෛද්‍ය) රිස්වි සාලි මහතා මූලසනාරූඪ විය. ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    2023 වර්ෂය සඳහා රුහුණ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව(ii)    2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව(iii)    2023 වර්ෂය සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව කාරක සභා වාර්තා පිළිගැන්වීමරාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නජිත් ඉන්දික මහතා විසින් පිළිගන්වන ලදී. පෙත්සම් පිළිගැන්වීම(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී...
තවදුරටත් කියවන්න

දිනය මාතෘකාව
2025-09-24 2025 සැප්තැම්බර් මස 24 වැනි දින සභාවේ කටයුතු
2025-09-23 2025 සැප්තැම්බර් මස 23 වැනි දින සභාවේ කටයුතු
2025-09-12 2025 සැප්තැම්බර් මස 12 වැනි දින සභාවේ කටයුතු
2025-09-11 2025 සැප්තැම්බර් මස 11 වැනි දින සභාවේ කටයුතු
2025-09-10 2025 සැප්තැම්බර් මස 10 වැනි දින සභාවේ කටයුතු
තවත්

සැප්තැම්බර් මස දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු

2025-09-12
2025 සැප්තැම්බර් මස 11 සහ 23 යන දිනවල රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2025 සැප්තැම්බර් මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-  
තවදුරටත් කියවන්න

රැස්වීම් සතියේ
පළමු දිනය
මාතෘකාව
2025-09-23 සැප්තැම්බර් මස දෙවැනි රැස්වීම් සතියේ සභාවේ...
2025-09-09 සැප්තැම්බර් මස පළමුවැනි රැස්වීම් සතියේ...
2025-08-19 අගෝස්තු මස දෙවැනි රැස්වීම් සතියේ සභාවේ...
2025-08-05 අගෝස්තු මස පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ...
2025-07-22 ජූලි මස දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු
තවත්

මේ සතියේ පාර්ලිමේන්තුව (ජූලි මස පළමුවැනි රැස්වීම් සතිය)

2021-07-16
අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් කිහිපයක් සම්මත වෙයිපවතින කෝවිඩ් තත්ත්වය හේතුවෙන් පසුගිය කාලය තුළ පාර්ලිමේන්තු රැස්වීම් සීමා වුවද ඉකුත් සතියේ පාර්ලිමේන්තුව ජූලි 06 වන දින සිට 09 වන දින දක්වා දින 04 ක් රැස්විය. විශේෂයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය පිළිබඳ මාධ්‍ය වාර්තා පළවීමත් සමග පාර්ලි‍මේන්තුව කෙරෙහිද බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබිණි. මෙම සතිය තුළ ‍`කෝප් කමිටුව’ ඇතුළු කාරක සභා රැස්වීම් කිහිපයක්ද පැවති අතර ඉකුත් සතිය පාර්ලිමේන්තුව අතිශය කාර්ය කාර්යබහුල සතියක් විය. ඉකුත් සතියේ පාර්ලිමේන්තු කටයුතු...
තවදුරටත් කියවන්න

දිනය මාතෘකාව
2021-07-16 මේ සතියේ පාර්ලිමේන්තුව (ජූලි මස පළමුවැනි...
2021-07-02 මේ සතියේ පාර්ලිමේන්තුව (ජුනි මස දෙවැනි...
2021-06-21 මේ සතියේ පාර්ලිමේන්තුව (ජුනි මස පළමුවැනි...
2021-05-12 මේ සතියේ පාර්ලිමේන්තුව (මැයි මස පළමුවැනි...
2015-05-25 මේ සතියේ පාර්ලිමේන්තුව (මැයි මස දෙවැනි...
තවත්

සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වාර්ෂික කාර්ය සාධන වාර්තාවක් සහ වාර්ෂික වාර්තාවක් අනුමත කරයි

2025-09-23
1
සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් 2024 වසර සඳහා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ 2021 සහ 2023 වසර සඳහා ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ...
තවදුරටත් කියවන්න

දිනය මාතෘකාව
2025-09-23 සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබලගැන්වීම...
2025-09-23 දණ්ඩ නීති සංග්‍රහය (සං‍ශෝධන) පනත් කෙටුම්පතට...
2025-09-18 තේ වගාකරුවන්ට පොහොර ලබාදීම සඳහා සති දෙකක් තුළ ...
2025-09-18 තරුණ තරුණියන්ට පාර්ලිමේන්තු කාරක සභා සහ...
2025-09-18 මෙරට තරුණ කාන්තා දේශපාලන සහභාගීත්වය...
තවත්
2025-09-24 දින සභාවේ වැඩ කටයුතු මධ්‍යම රාත්‍රී 12.00 - මධ්‍යම රාත්‍රී 12.00
2025-09-23 දින සභාවේ වැඩ කටයුතු පෙ.ව. 09:30 - ප.ව. 05:49
2025-09-12 දින සභාවේ වැඩ කටයුතු මධ්‍යම රාත්‍රී 12.00 - මධ්‍යම රාත්‍රී 12.00
2025-09-11 දින සභාවේ වැඩ කටයුතු පෙ.ව. 09:30 - ප.ව. 05:44
2025-09-10 දින සභාවේ වැඩ කටයුතු පෙ.ව. 09:30 - ප.ව. 05:47

මේ මොහොතේ සජීවී විකාශයක් නොමැත.

සභා සැරිය

පාර්ලිමේන්තු සභා ගර්භයේ 360° පරිදර්ශනය..නරඹන්න

ඡායාරූප ගැලරිය

ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුවේ ඡායාරූප..නරඹන්න

වාර්තා චිත්‍රපටිය

ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව පිළිබඳ වාර්තා චිත්‍රපටිය නරඹන්න..නරඹන්න

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුවේ කථානායක

speaker-yapaමෙරට ඉතිහාසයෙහි එකොළොස්වන කථානායකවරයා ලෙස, වත්මන් පාර්ලිමේන්තුවෙහි කථානායක ධුරය හොබවන ගරු මහින්ද යාපා අබේවර්ධන  මහතා  1945 ඔක්තෝබර් 10 වැනි දින  මාතර දිස්ත්‍රික්කයෙහි ඡන්ම ලාභය ලද්දෙකි.

 

සිය ප්‍රාථමික අධ්‍යාපනය මාකඳුර මහා විද්‍යාලයෙන් හමාර කළ හෙතෙම, දෙවනුව, තෙලිජ්ජවිල මධ්‍ය විදුහලෙන්ද, මාතර රාහුල විදුහලෙන් ද ද්විතීයික අධ්‍යාපනය සම්පූර්ණ කළේය.

 

පාසැල් අධ්‍යාපනය නිම කළ යොවුන් මහින්ද යාපා අබේවර්ධන 1965 දී තම විශ්වවිද්‍යාලයීය දිවිය කොළඹ විශ්වවිද්‍යාලයෙන් ඇරඹූ අතර 1968  වර්ෂය  වන විට ශාස්ත්‍රවේදී  උපාධිය දිනාගැන්මෙහි සමර්ථ විය. ඉනික්බිතිව,  සිය වෘත්තිය දිවියට මුල පිරූ අබේවර්ධන මහතා, මුලින්ම රජයේ ලිපිකරු සේවයට බැඳී  1969-1971 දක්වා තෙවසරක් සේවය කළේ රජයේ පුහුණු උපාධිධරයකු ලෙසිනි.

 

එම පුහුණුවෙන් අනතුරුව, කළමනාකරණ සහකාරවරයකු ලෙස 1961-1975 දක්වා කාලයක් කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ ද, පසුව 1975-1976 දක්වා රජයේ හස්තකර්මාන්ත මණ්ඩලයේ ද (ලක්සල)  කටයුතු කර 1976-1977 දක්වා පේෂකර්ම සැපයුම් සංස්ථාවේ ද සේවය කරමින් රාජ්‍ය සේවය පිළිබඳ මනා දැනුමක් ද අවබෝධයක් ද  සිය ජීවන අත්දැකීම් අතරට එක්කර ගැනීමෙහි සමර්ථ විය.

 

රාජ්‍ය සේවකයෙකු ලෙස තමන් ලද අවබෝධය සභාපතිවරයකු ලෙස ප්‍රායෝගිකව භාවිතයෙහි යොදනු පිණිස අබේවර්ධන මහතාට පළමුවෙන්ම අවස්ථාවක් සැලසුණේ  1977 දී පරන්තන් රසායනික ද්‍රව්‍ය සංස්ථාවේදී ය. පසුව, 1988-1990 දක්වා ලංකා කිරි සංවර්ධන මණ්ඩලයේ සභාපති ධුරයට පත්වූ හෙතෙම කටයුතු කළේ තමන් රාජ්‍ය සේවයෙන් ලද  පුහුණුව ද, අත්දැකීම් ද පන්නරයක් කරගනිමිනි.

 

මහින්ද යාපා අබේවර්ධන මහතා දේශපාලනයට අත්පොත් තැබුවේ, එක්සත් ජාතික පක්ෂයේ තරුණ පෙරමුණට එහි මධ්‍යම කාරක සභාවේ සභිකයකු ලෙස (1974-1977) එක්වීම මඟිනි. අනතුරුව, ඔහුගේ සහජ නායකත්ව කුසලතා හඳුනාගත් සෙසු වෘත්තීය  සගයෝ අබේවර්ධන මහතාව ශ්‍රී ලංකා ජාතික කළමනාකරණ සහකාරවරුන්ගේ  සංගමයේ සභාපති ධුරයට තෝරා පත්කරගත්හ.

 

1983 වර්ෂයේදී අබේවර්ධන මහතාගේ ජාතික තලයේ ප්‍රථම දේශපාලන ආගමනය සනිටුහන් වන්නේ, එ.ජා.ප.යෙන් හක්මන ආසනයේ අතුරු මැතිවරණය ජය ගැනීමෙන් අනතුරුවය. පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයකු ලෙස ඔහු කරමින් සිටි මෙහෙවරට  1987 වසරේදී අනපේක්ෂිත ලෙස විරාමයක් තැබුණේ, ආන්දෝලනාත්මක ඉන්දු-ලංකා සාම ගිවිසුමට එරෙහිව හෘද සාක්ෂියට එකඟව ඡන්දය භාවිත කිරීමෙනි.

 

1987 දී පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වූ මහින්ද යාපා අබේවර්ධන මහතා, එවකට එ.ජා.ප.යෙන් බිඳී ඇරඹුණු නව පක්ෂයක් වූ ප්‍රජාත්නත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණට බැඳුණේය. 1993 වන විට දකුණු පළාත් සභාවේ  සභාපති ධුරයට පත්වූ  ඔහු එම වර්ෂයේදීම දකුණු පළාත් මහ ඇමති ධුරයටද තරග කර, ජයග්‍රහණය කළේ, සිය ජාතික මට්ටමේ දේශපාලන දිවියට දස වසරක් සම්පූර්ණ වූ සතුට මහජනයා සමඟ බෙදාගන්නා අතරදී වීම තවත් විශේෂත්වයකි. 1994 සිට1999 වර්ෂය තෙක් දකුණු පළාත් මහ ඇමති ධුරය හෙබවූ හෙතෙම 2000 වසරේදී නැවතත් මහ මැතිවරණය ජයගෙන පාර්ලිමේන්තුවට පත්වූව ද, පසුව  එම  තනතුරෙන් ඉල්ලා අස්වී යළි 2001 වසර තෙක් දකුණු පළාත් මහ ඇමති ධූරය දැරුවේය.

 

යළිත් 2001 මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට පැමිණි අබේවර්ධන මහතා 2004 තෙක්  මන්ත්‍රීධූරයකට හිමිකම් කියූ අතර 2005 වසරෙහි සිට සෞඛ්‍ය සහ පෝෂණ නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙහි  කටයුතු කළේය. අනතුරුව, 2005 වසරේදී සංස්කෘතික කටයුතු සහ ජාතික උරුමයන් පිළිබඳ කැබිනට් අමාත්‍ය ධූරයට පත්වූ ඔහු 2010 දක්වා එම තනතුර හෙබවීය. 2010 මහ මැතිවරණයෙන් පසු කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙසද අනතුරුව පාර්ලිමේන්තු කටයුතු භාර අමාත්‍යවරයා ලෙසද 2015 වසර තෙක්  කටයුතු කළද 2015 දී සිය අමාත්‍ය  ධුරයෙන් ඉල්ලා අස්වූ  හෙතෙම, එවකට නව පක්ෂයක් වූ  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එක්ව, 2020 තෙක් ජනතා අභිලාෂයන් ඉටු කිරීමෙහි කැප වූයේ, කර්මාන්ත කටයුතු අමාත්‍ය ධූරයෙන්ද (2018) සහ වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරයෙන්ද (2020)   ලද වගකීම් නොපිරිහෙළා ඉටු කරමිනි.
2020 වසරේදී මහා මැතිවරණය ජය ගෙන, යළිත් පාර්ලිමේන්තුවට පත්වූ මහින්ද යාපා අබේවර්ධන මහතා අගෝස්තු 20 වැනි දින නවවැනි පාර්ලිමේන්තුව රැස්වූ ප්‍රථම දිනයෙහි එහි කථානායකවරයා ලෙස තේරීපත් විණි.

 

වර්තමානයෙහි  ගෙවීයන, අතිශය අභියෝගකාරී සමයක කථානායක ධුරයෙහි වගකීම ද ගෞරවය ද අපක්ෂපාතීත්වය ද සුරකිමින් අගනා කාර්යභාරයක් සිය මවුබිමට ඉටු කරමින් සිටින අපේ පාර්ලිමේන්තුවේ කථානායක, මහින්ද යාපා අබේවර්ධන මහතා සිය කාර්ය බහුල දිවියට වගාවෙන් අස්වැසිල්ලක් සොයන්නෙකු වෙයි. අබේවර්ධන මහතා දරුවන් පස් දෙනෙකුගේ ආදර්ශවත් පියෙකි, ආදරණීය සැමියෙකි.

 

ප්‍රචාරණය කරන්න

අවසන් යාවත්කාලීන කිරීම 2022-12-20

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි