විසර්ජන (2023) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ නවවැනි වෙන් කළ දිනය අදයි. 161 සහ 122 ශීර්ෂවලට සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
| ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
| 160 | පරිසර අමාත්‍යාංශය |
| 161 283 284 294 |
වනජීවී හා වන සම්සත් සංරක්ෂණ අමාත්‍යාංශය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව |
| 122 286 287 288 322 327 |
සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව |