විවාදයන් සම්බන්ධ‌යෙන් කථානායකතුමා සතු බලතල ‌මොනවාද?

ඕනෑම අවඥා සහගත ‌හෝ ගර්හා කටයුතු ප්‍රකාශයක් ඉල්ලා අස් කර ගන්නා ‌ලෙස මන්ත්‍රීවරයකු/වරියකට පැවසීමට කථානායකතුමාට පිළිවන. එ‌මෙන්ම, එබඳු වචන නිල වාර්තා‌වෙන් (හැන්සාඩ්) ඉවත් කිරීමට ද කථානායකතුමාට පිළිවන. රැස්වීමට ‌නොකඩවා අවහිර කරන ‌හෝ බාධා පමුණුවන මන්ත්‍රීවරයකු/වරියකට අවවාද කිරීමට ද එතුමාට හැකිය. එ‌මෙන්ම, එතුමාට එබදු මන්ත්‍රීවරයකු/වරියක "නම් කිරීම" ‌හෝ ඉවත් කරන ‌ලෙස ‌වේත්‍රධාරීට නි‌යෝග කළ හැකිය. මන්ත්‍රීවරයකු/වරියක‌ගේ සභා රැස්වීමට පැමිණීම සති කිහිපයකට අත් හිටුවීමට ද පුඵවන. යම් මන්ත්‍රීවරයකු/වරියක‌ගේ හැසිරීම අත්‍යන්ත ‌ලෙස අශිෂ්ට සම්පන්න වී නම්, දින‌යේ රැස්වී‌මේ ඉතිරි කාලය සඳහා ඔහු/ඇය‌ගේ සහභාගිත්වය අත්හිටුවා ඉවත් වන ‌ලෙස නි‌යෝග කිරීමට කථානායකතුමාට හැකිය.

Share This On

Last Updated on 30-08-2012