ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

කෙටි,මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කාරක සභාව


කාරක සභා‌වේ ලේකම් අමතන්න
පාර්ලිමේන්තුවේ මහ ලේකම්
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
0112777100
0112777227
මෙම කාරක සභාව අහෝසි වී ඇත.
(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව - 4 වැනි සැසිවාරය)


 

ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලදුව 2022 සැප්තැම්බර් මස 20 වැනි දින පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද “ජාතික සභාව පිහිටුවීම පිළිබඳ යෝජනාව” මඟින් ජාතික සභාවට අධිකාර බලය හා පොදු වගකීම් ඇති ක්ෂේත්‍ර තුනෙන් ක්ෂේත්‍ර දෙකක් සදහා අනු කාරක සභා දෙකක් පත් කිරීමට 2022 ඔක්‌තෝබර් මස 29 වැනි දින පැවැති ජාතික සභාවේ ප්‍රථම රැස්වීමේදී යෝජනා කරන ලද අතර  ඒ අනුව එම රැස්වීමේදී කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ අනු කාරක සභාවක් පත් කරන ලදී. 2022 ඔක්තෝබර් මස 6 වන දින පැවති ජාතික සභාවේ දෙවන රැස්වීමේදී එහි සාමාජිකයන් විසින් පළ කරන ලද කැමැත්ත අනුව අනු කාරක සභා සාමාජිකයින් ප්‍රකාශයට පත් කරන ලදී. 2022 ඔක්තෝබර් මස 7 වැනි දින පැවති අනු කාරක සභාවේ පළමු රැස්වීමේ දී ගරු නීතිඥ සාගර කාරියවසම් මහතාගේ යෝජනාවෙන් හා ගරු අලි සබ්රි රහීම් මහතාගේ යෝජනා ස්ථිරත්වයෙන් ගරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතා මෙම අනු කාරක සභාවේ සභාපතිවරයා ලෙස තේරී පත් විය.

අනු කාරක සභා සාමාජිකයින් පහත පරිදි වේ:

1)      ගරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතා (සභාපති)

2)      ගරු නසීර් අහමඩ් මහතා

3)      ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා

4)      ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා

5)      ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය

6)      ගරු වජිර අබේවර්ධන මහතා    

7)      ගරු ඒ. එල්. එම්. අතාඋල්ලා මහතා

8)      ගරු පලනි දිගම්බරම් මහතා  

9)      ගරු මනෝ ගනේෂන් මහතා

10)  ගරු රෝහිත අබේගුණවර්ධන මහතා

11)  ගරු අසංක නවරත්න මහතා

12)  ගරු අලි සබ්රි රහීම් මහතා

13)  ගරු නීතිඥ සාගර කාරියවසම් මහතා

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි