සමාජ - සංස්කෘතික සිදුවීම්
 
  රටේ සහ ජනතාවගේ අභිවෘද්ධිය පිණිස තීරණ ගන්නාවූද, ශ්‍රී ලංකාවේ සියලු ජනතාව නියෝජනය කරන්නාවූද, උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුව, අප රටේ සංස්කෘතික පසුබිම නිරූපණය කරන්නා වූ සිදුවීම් සමරන්නේ අපගේ මුතුන් මිත්තන් පුරුදු කළ සහ භුක්ති විඳි සංස්කෘතික සමෘද්ධිය හා මානවවාදී අගයන් යළි ප්‍රබෝධවත් කරමිනි.  

වෙසක් වැඩසටහන - 2010
 
දියවන්නා නත්තල් ගී මිහිර - 2009
 
පාර්ලිමේන්තුවේ පැවැත්වෙන සරස්වතී පූජාව, 2009
 
ඉෆ්තාර් උත්සවය - 2009
 
දියවන්නාවේ වෙසක් උදානය - 2009
 
දියවන්නා නත්තල් ගී මිහිර - 2008
 
පාර්ලිමේන්තුවේ පැවැත්වෙන සරස්වතී පූජාව, 2008
 
ඉෆ්තාර් උත්සවය - 2008
 
දියවන්නාවේ වෙසක් උදානය - 2008
 
"දහම් ගී දැහැන"
 

වෙසක් වැඩසටහන - 2010 (2010 මැයි 26)

ගරු කථානායක චමල් රාජපක්ෂ මැතිතුමන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ධුරයට පත්වීමෙන් අනතුරුව එළැඹි ප්‍රථම වෙසක් උත්සව දිනය 2010-05-27 දිනයයි. ඒ නිමිත්තෙන් ඉතා චාම් එහෙත් ගෞරවාන්විත ආගමික වැඩසටහනක් 2010-05-26 දින පැවැත්වීමට කටයුතු සංවිධානය කරන ලෙස ගරු කථානායකතුමා විසින් උපදෙස් දෙන ලදී. ඒ අනුව, පාර්ලිමේන්තුවේ මහ ලේකම්තුමාගේ මඟ පෙන්වීම යටතේ ආගමික කටයුතු සංවිධානය විය.
තවත්...

 

දියවන්නා නත්තල් ගී මිහිර - 2009 (2009 දෙසැම්බර් 23)

"දියවන්නා නත්තල් ගී මිහිර" වාර්ෂික නත්තල් වැඩසටහන චාම් චාරිත්‍රානුකූල සැමරීම් සහිතව 2009 දෙසැම්බර් 23 දින ගරු කථානායකතුමාගේ නිල නිවසේ දී පවත්වන ලදී.
තවත්...

 

පාර්ලිමේන්තුවේ පැවැත්වෙන සරස්වතී පූජාව, 2009 (2009 සැප්තැම්බර් 25)

නවරාත්‍රී ආගමික උත්සවය නිමිත්තෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ වාර්ෂිකව පවත්වනු ලබන සරස්වතී පූජාව හය වැනි වතාවටත් මෙම වසරේදී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන්නට යෙදින.
තවත්...

 

ඉෆ්තාර් උත්සවය - 2009 (2009 සැප්තැම්බර් 09)

රාමලාන් මාසය තුළ දිනපතා උපවාසය නිමාකරමින් සවස ආහාරය ගැනීම හෙවත් වාර්ෂික ඉෆ්තාර් උත්සවය, 2009 සැප්තැම්බර් මස 9 වැනි දින ගරු කථානායකතුමාගේ නිල නිවසේදී පැවැත්විණි.
තවත්...

 

දියවන්නාවේ වෙසක් උදානය - 2009 (2009 මැයි 08)

සම්බුදු තෙමඟුල නිමිත්තෙන් ගරු කථානායකතුමාගේ නිල නිවසේ දී හා පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී සංවිධානය කැරෙන "දියවන්නාවේ වෙසක් උදානය" වැඩසටහන මෙවර ද පැවැත්විණි. ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් පැවැත්වුණු මේ වැඩසටහන් සඳහා පාසල් දරු දැරියන් හා විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
තවත්...

 

පිටුව : 1 2 3 4 5
 

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව. සියලු හිමිකම් ඇවිරිණි.