ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ශ්‍රී ලංකාවේ නිදහසේ 70 වැනි සංවත්සරය සැමරීමේ හා ජපන්-ශ්‍රී ලංකා සබඳතා තහවුරු කිරීමේ උත්සවය

දිනය : 2018-01-10

‍ජපානයේ හොංගන්ජි පදනමේ සභාපති අතිපූජ්‍ය චොහ්ජුන් ඔහ්ටානි හිමියන්ගේ නායකත්වයෙන් යුත් ජපාන නියෝජිත පිරිසක් 2018 ජනවාරි මස 9 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේ සංචාරයක නිරත වූ අතර, ඔවුන්ට ඉතා උණුසුම් පිළිගැනීමක් හිමි විය. මෙම නියෝජිත පිරිසට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා මහතා සහ ඉහළ පෙළේ නිලධාරීන් ද ඇතුළත් විය.

 

ඒ අනුව, ශ්‍රී ලංකාවේ නිදහසේ 70 වැනි සංවත්සරය සැමරීමේ හා ජපන්-ශ්‍රී ලංකා සබඳතා තහවුරු කිරීමේ උත්සවයක් පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 1 හිදී පැවැත්විණි. එහිදී, පාර්ලිමේන්තුවේ කථානායක ගරු කරු ජයසූරිය මහතා විසින් ආරම්භක දේශනය පැවැත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා මහතා විසින් රැස්ව සිටි පිරිස අමතන ලදී.

 

ඉන්පසුව ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා විසින් පිළිගැනීමේ කථාව ද, ජපානයේ හොංගන්ජි පදනමේ සභාපති අතිපූජ්‍ය චොහ්ජුන් ඔහ්ටානි හිමියන් විසින් ප්‍රධාන දේශනය ද පවත්වන ලදී. උත්සවය අවසාන කරමින් ස්තුති කථාව පවත්වන ලද්දේ ශ්‍රී ලංකා-ජපාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති, ගරු අමාත්‍ය නවීන් දිසානායක මහතා විසිනි.

 

මෙම සංචාරයේ දී නියෝජිත පිරිස පාර්ලිමේන්තු සභාගර්භයේ චාරිකාවක ද නිරත විය.

 

1 2

3 4

5 6

78

910

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි