ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

“දියවන්නා මියැසිසර” නොවැම්බර් 30 වැනිදා

දිනය : 2017-11-15

artists-logoපාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සුභසාධක හා විශේෂ ව්‍යාපෘති කමිටුවේ අරමුදලට ආධාර පිණිස පවත්වන “දියවන්නා මියැසිසර” සංගීත ප්‍රසංගය 2017 නොවැම්බර් මස 30 වන දින සවස 7.00 ට නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්වේ.

 

සුනිල් එදිරිසිංහ, අමරසිරි පීරිස් සහ උමාරියා සිංහවංශ යන කලාකරුවන් ගීත ගායනයෙන් සහභාගී වන මෙම ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය නවරත්න ගමගේ විසිනි. නර්තන අංගයන් ඉදිරිපත් කරනුයේ චන්න උපුලී නර්තනායතනයයි.

 

සලාකා ඇස්වාට්ටුව, නුගේගොඩ සරසවි පොත්හල, පාර්ලිමේන්තුවේ ජයන්තිපුර සමරු භාණ්ඩ අලෙවිසැල, Mytickets.lk වෙබ් අඩවිය සහ එදින දොරටුවෙන් ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකිය.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි