ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව


කාරක සභා‌වේ ලේකම් අමතන්න
නන්දසිරි පීරිස්
සහකාර අධ්‍යක්‍ෂ (පරිපාලන)
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
0094-11-2777301
0094-11-2777559
nandasiri_p@parliment.lk
මෙම කාරක සභාව අහෝසි වී ඇත.
(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව - 1 වැනි සැසිවාරය)


මෙය තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන සාමාජිකයන් දොළොස් දෙනෙකුගෙන් සමන්විත වන පාර්ලිමේන්තුවේ අනෙක් මුදල් කාරක සභාවයි. මෙම කාරක සභාවේ කාර්යය වන්නේ රාජ්‍ය සංස්ථාවල සහ රජයට පැවරී ඇති වෙනත් ව්‍යාපාරවල ගිණුම් පරීක්ෂා කිරීමය.

ඕනෑම පුද්ගල‌‌යෙකු තමන් ඉදිරියට කැඳවීමටත්, ඕනෑම ලියවිල්ලක්, පොතක්, වාර්තාවක් හෝ වෙනත් ලේඛනයන් පරීක්ෂා කිරීමටත්, ගබඩා සහ දේපළවලට ප්‍රවේශ වීමටත් මේ කාරක සභා දෙකට බලය තිබේ.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය ආයතනයන්හි මූල්‍ය ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කිරීමේ යෙදෙන අතර 1979.06.21 දින ස්ථාපනය කරන ලද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කාර්යභාරය වනුයේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් රජයේ වගකීමක් ඇති රාජ්‍ය සංස්ථා හා අර්ධ රාජ්‍ය ආයතනයන්හි මූල්‍ය විනය පවත්වාගෙන යෑම සහතික කිරීමයි.

ස්ථාවර නියෝග 126 යටතේ එක් එක් පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භයේදීම ස්ථාපනය කරනු ලබන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේ පක්ෂ සංයුතිය පිළිබිඹු වන පරිදි සාමාජිකයින් 31 දෙනෙකුගෙන් සමන්විත වේ. කාරක සභාවේ ප්‍රථම සැසිවාරයේදී සාමාජිකයින් විසින් සභාපතිවරයකු පත්කර ගනු ලබන අතර එහි ගණපූරණය 04කි.

මෙම කාරක සභාවේ කාර්යය වනුයේ රාජ්‍ය සංස්ථා හා අනෙකුත් රාජ්‍ය ව්‍යාපාර ආයතනයන්හි පරීක්ෂා කරන ලද ගිණුම්, අයවැය හා ඇස්තමේන්තු, මූල්‍ය ක්‍රියාපටිපාටිය, කාර්යසාධනය හා කළමනාකරණය පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තා කිරීමයි.

මෙම සංවිධානයන්හි ගිණුම් විගණකාධිපතිවරයා විසින් විගණනයට ලක් කරනු ලබන අතර කාරක සභාවේ විමර්ශන කටයුතු වලට අදාල පදනම ඉන් සැලසේ. සාක්ෂි ලබාගැනීම පිණිස, අදාළ රාජ්‍ය නිලධාරීන් හෝ කාරක සභාවට සුදුසු යැයි හැඟීයන වෙනත් ඕනෑම පුද්ගලයකු කාරක සභාව හමුවට කැඳවීමට හෝ ලිපිලේඛන ගෙන්වාගැනීමට කාරක සභාවට බලය ඇත්තේය. කාරක සභාව පාර්ලිමේන්තුවට සිය වාර්තා ඉදිරිපත් කරන අතර ඒවායේ ඇතුළත් වන නිර්දේශ අදාළ සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල අනුගමනය කළ යුතු නියමයන් ලෙස සැලකේ.

කාරක සභාවේ ආරම්භයේ සිට, පහත සඳහන් මන්ත්‍රීවරුන් එහි සභාපතිත්වය දරා ඇත.

  • ගරු ජෝර්ජ් අබේගුණසේකර මහතා, පා.ම.
  • ගරු එම්.එස්. අමරසිරි මහතා, පා.ම.
  • ගරු ජේ.ඒ.ඊ. අමරතුංග මහතා, පා.ම.
  • ගරු විමල් වික්‍රමසිංහ මහතා, පා.ම.
  • ගරු රොහාන් අබේගුණසේකර මහතා, පා.ම.
  • ගරු ඩී.පී. වික්‍රමසිංහ මහතා, පා.ම.
  • ගරු (මහාචාර්ය) ඩබ්ලිව්.ඒ. විශ්වා වර්ණපාල මහතා, පා.ම.
  • ගරු රෙජී රණතුංග මහතා, පා.ම.
  • ගරු ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා, පා.ම.
  • ගරු රෝහිත බෝගොල්ලාගම මහතා, පා.ම.
  • ගරු විජේදාස රාජපක්ෂ මහතා, පා.ම.
  • ගරු ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා, පා.ම.
  • ගරු ඩිව් ගුණසේකර මහතා, පා.ම.

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි