ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැදගත් භූමිකාව පිළිබඳව වූ ස්වයං ඇගයීමේ වැඩමුළුව

දිනය : 2018-10-11

තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වූ වැඩමුළුව ඔක්තෝබර් 12 – 14 තෙදින පුරා කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම වැඩමුළුව සංවිධානය කරනුයේ 2013 තිරසර සංවර්ධනය සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ අන්තර් පාර්ලිමේන්තු සංගමය (Inter Parliamentary Union) විසිනි.

 

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ අන්තර් පාර්ලිමේන්තු සංගමයෙහි ස්වයං ඇගයුම් වැඩසටහන පදනම්ව මෙරට පාර්ලිමේන්තුව සහ ගරු මන්ත්‍රීවරුන් වෙතින් පහත අරමුණු සාක්ෂාත් කර ගැනීම මෙම වැඩමුළුවෙහි අභිලාෂය වේ.

  • තිරසාර සංවර්ධන ඉලක්ක කෙරෙහි සූදානම් කිරීම හා ඒකාබද්ධ කිරීම.
  • තිරසාර සංවරධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා අමතර උපාය මාර්ග, යාන්ත්‍රණ හා සහයෝගීතාවන් හඳුනාගැනීම.

 

මෙම වැඩමුළුවේ සමාරම්භක උළෙල ඔක්තෝබර් 12 වනදා ප.ව. 4.45 ට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ගරු කරු ජයසූරිය, ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ ගරු මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන්, පෞද්ගලික අංශයේ නිලධාරීන්, රාජ්‍ය නොවන හා තරුණ සංවිධාන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

 

මේ සඳහා පහසුකම් සපයනු ලබන්නේ තිරසාර සංවර්ධන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති හිටපු නියෝජ්‍ය කථානායක ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, තිරසර සංවර්ධන ඉලක්ක උපදේශක සහ බටහිර ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු හිටපු සභික ජෝන් හයිඩ්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි ඇලෙක්ස් රීඩ් (අන්තර් පාර්ලිමේන්තු සංගමයේ තිරසර සංවර්ධන උපදේශක), පාර්ලිමේන්තු සහකාර මහලේකම් ටිකිරි ජයතිලක හා කුෂාණි රෝහණදීර, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක කිත්සිරි විජේවීර, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි ප්‍රතිපත්ති විශේෂඥයන් වන සොනාලි දයාරත්න (පාලන හා සංහිඳියා), තරුකා දිසානායක (පරිසර), විශාකා හිදල්ලගේ, උපදේශක, (පරිසර සංරක්ෂණ හා ආපදා කළමණාකරන) යන මහත්ම මහත්මීන් විසිනි.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි