ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සහජීවනය සඳහා වූ පාර්ලිමේන්තු කමිටුවේ පළමු ප්‍රාදේශීය සමුළුව

දිනය : 2018-07-31

ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සහජීවනය සඳහා වූ පාර්ලිමේන්තු කමිටුවේ පළමු ප්‍රාදේශීය සමුළුව පාර්ලිමේන්තුවේ ගරු කථානායකතුමාගේ මුලිකත්වයෙන්, අති පූජනීය මහා නායක හිමිවරුන්, අනු නායක හිමිවරුන් සහ සියළුම ආගම් වලට අයත් අති ගෞරවනීය ආගමික පූජ්‍ය ප්‍රසාදීන් වහන්සේ, ‍පාර්ලිමේන්තුවේ සියළුම  පක්ෂ නියෝජනය කරන දේශපාලන ප්‍රභූන් සහ රජයේ ඉහළ පෙළ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2018 අගෝස්තු මස 06 වැනි දින පෙරවරු 9.30 සිට පස්වරු 2.30 දක්වා මහනුවර මහවැලි රීච් හෝටලයේදී පැවැත්වීමට සියළු කටයුතු සංවිධානය කර ඇත.

 

ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සහජීවනය ආශ්‍රිත ප්‍රාදේශීය මට්ටමෙන් ඉතා වැදගත් මාතෘකා රැසක් මෙදින සාකච්ඡා කිරීමට නියමිත අතර සමුළුවේ ප්‍රධාන දේශනය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා විසින් පැවැත්වීමට නියමිතය.

 

මධ්‍යම  පළාත නියෝජනය කරන පළාත් හා ප්‍රාදේශීය දේශපාලන ප්‍රභූන්, රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහ වැඩ බලන පාර්ලිමේන්තුවේ මහ ලේකම් ද මෙම සමුළුවට සහභාගී වීමට නියමිතය.

 

සමුළුවේදී ඉදිරිපත් වන අදහස් සාරාංශගතව ඉදිරිපත් කිරීමේ අරමුණින් සමුළුව අවසානයේ දී මාධ්‍ය හමුවක් ද, පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි