| | | | | | |
 
 

හැදින්වීම

 

පාර්ලි‌මේන්තු‌වේ මහ ‌ලේකම්

 

වේත්‍රධාරී දෙපාර්තමේන්තුව

 

පරිපාලන දෙපාර්තමේන්තුව

 

ව්‍යවස්ථාදායක සේවා දෙපාර්තමේන්තුව

 

මුදල් සහ සැපයුම් දෙපාර්ත‌මේන්තුව

 

හැන්සාඩ් ‌දෙපාර්ත‌මේන්තුව

 

සම්බන්ධීකරණ ඉංජිනේරු දෙපාර්තමේන්තුව

 

ආහාරපාන හා ගෘහපාලන සේවා දෙපාර්තමේන්තුව

 

තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුව


පාර්ලි‌මේන්තු‌වේ මහ ‌ලේකම්

පාර්ලි‌මේන්තු‌ මහ‌ලේකම්වරයා පාර්ලි‌මේන්තු‌‌වේ ප්‍රධාන විධායක නිලධාරියා වන අතර ඔහු පත් කරනු ලබන්‌නේ පාර්ලි‌මේන්තු‌ සභාවේ එකඟතාවය ඇතිව ජනාධිපතිවරයා විසිනි. පාර්ලි‌මේන්තු‌‌වේ මහලේකම් ධූරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා‌වෙන් සුරක්ෂිත වී ඇති නිලයකි. පාර්ලි‌මේන්තු‌‌වේ මහ‌ලේකම්වරයා සතු ප්‍රධාන කාර්යයන්‌ගෙන් එකක් නම් පාර්ලි‌මේන්තු‌ පටිපාටිය, පනත් ‌කෙටුම්පත්වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල භාවය ස්ථාවර නි‌යෝග, වරප්‍රසාද සහ පාර්ලි‌මේන්තු‌වේ ක්‍රියාකාරීත්වය අදාළ අ‌නෙකුත් කටයුතු සම්බන්ධ‌යෙන් කථානායකවරයාට සහ මූලාසනය දරන ‌වෙනත් නිලධාරීන්ට උප‌දෙස් දීමය. පාර්ලි‌මේන්තු‌‌වේ මහ‌ලේකම්වරයා‌ගේ වගකීම් ඉටු කිරී‌මේදී ඔහුට නියෝජ්‍ය පාර්ලි‌මේන්තු මහ‌ලේකම්වරයා‌ගේ සහ සහකාර පාර්ලි‌මේන්තු‌ මහ‌ලේකම්වරයා‌ගේ සහාය ලැ‌‌බේ. මහ‌ලේකම්වරයා පාර්ලි‌මේන්තු‌‌වේ ප්‍රධාන පරිපාලකයා ‌මෙන්ම ගිණුම් නිලධාරියා ද වේ. පාර්ලි‌මේන්තු‌‌වේ මහ‌ලේකම්වරයා‌ගේ කාර්ය මණ්ඩලය පත්කරනු ලබන්‌නේ කථානායකවරයා‌ගේ අනුමැතිය ඇතිව මහ‌ලේකම්වරයා විසිනි. මහ‌ලේකම්වරයා ‌හෝ ඔහුගේ නාමිකයා, පාර්ලි‌මේන්තු‌ව විසින් පිහිටුවනු ලැබ ඇති සියලුම කාරක සභාවල ‌ලේකම්වරයා වශ‌යෙන් කටයුතු කරයි.

 
     
 
පාර්ලිමේන්තු දිනදසුන | පාර්ලිමේන්තුවේ කටයුතු | පාර්ලිමේන්තු අත්පොත | මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය | කාර්යයන් | කාරක සභා | පාර්ලි‌මේන්තු මහ‌ලේකම් කාර්යාලය
© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව. සියලු හිමිකම් ඇවිරිණි. විසඳුම Affno විසිනි.