| | | | | | |
 
 

හැදින්වීම

 

පාර්ලි‌මේන්තු‌වේ මහ ‌ලේකම්

 

වේත්‍රධාරී දෙපාර්තමේන්තුව

 

පරිපාලන දෙපාර්තමේන්තුව

 

ව්‍යවස්ථාදායක සේවා දෙපාර්තමේන්තුව

   
- පාර්ලි‌මේන්තු‌වේ සභාලේඛන කාර්යාංශය
 
- සභාලේඛන කාර්යාංශයේ කාර්යයන්
- පාර්ලිමේන්තුවේ පනත් කෙටුම්පත් කාර්යාංශය
- කාරක සභා කාර්යාංශය
- උපදේශක කාරක සභා කාර්යාංශය
- රජයේ ගිණුම් පිළිබඳ හා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා කාර්යාංශ
- පාර්ලිමේන්තුවේ කථා පරිවර්තක කාර්යාලය
 
- සමගාමී කථා පරිවර්තනය
- පාර්ලි‌මේන්තු‌ පුස්තකාලය
 
- පුස්තකාලය පිළිබඳ විස්තර
- මන්ත්‍රීවරුන්ට සැප‌යෙන ‌සේවාවන්
 

මුදල් සහ සැපයුම් දෙපාර්ත‌මේන්තුව

 

හැන්සාඩ් ‌දෙපාර්ත‌මේන්තුව

 

සම්බන්ධීකරණ ඉංජිනේරු දෙපාර්තමේන්තුව

 

ආහාරපාන හා ගෘහපාලන සේවා දෙපාර්තමේන්තුව

 

තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුව


මන්ත්‍රීවරුන්ට සැප‌යෙන ‌සේවාවන්

පුස්තකාල‌යේ මුඛ්‍ය පරමාර්ථය පාර්ලි‌මේන්තු මන්ත්‍රීවරුන්‌ගේ ‌තොරතුරු අවශ්‍යතා පිරිමැසීම වන අතර පුස්තකාල‌යේ පැවැත්‌මේ මූලික ‌හේතුවද එයම ‌වේ. පුස්තකාල‌‌යෙන් සැප‌යෙන ‌සේවා විවිධාකාරය. මන්ත්‍රීවරුන‌ගේ ‌තොරතුරු අවශ්‍යතා සැපයීම පහසු කරවනු වස් විමර්ශන අංශය, බැහැර‌‌දෙන අංශය සහ පර්‌යේෂණ අංශය වශ‌යෙන් පුස්තකාල‌ය ප්‍රධාන අංශ තුනකට ‌බෙදා ‌වෙන්කර ති‌බේ.

පුස්තකාලය භාවිතයේදී වැදගත්වන නියමයන්

පාර්ලි‌මේන්තු පුස්තකාලය, පාර්ලි‌මේන්තු මන්ත්‍රීවරුන්‌ගේ ප්‍ර‌යෝජනය පිණිස සුවි‌ශේෂීව ‌වෙන්වු ස්ථානයකි. ඇතැම් අවස්ථාවලදී තමන් ‌වෙනු‌වෙන් තම ‌පෞද්ගලික කාර්ය මණ්ඩලය වුවද ‌යොමුකිරී‌මේ හැකියාව ඔවුනට ඇත. ‌මේ සඳහා ඔවුන් පාර්ලි‌මේන්තු මහ‌ලේකම්වරි‌ය‌ගේ පූර්ව ලිඛිත අවසරය ලබාගතයුතු‌ ‌වේ. සැබෑ ‌ලෙසින්ම පර්‌යේෂණයක යෙදෙන අයටත් පාර්ලි‌මේ‌න්තු පුස්තකාල‌ය හැර අන් ස්ථානයකින් තොරතුරු ලබාගැනීම උගහට වන අවස්ථාවලදීත් වි‌ශේෂ අවසරයක් ලබා‌දෙනු ඇත. පාර්ලි‌මේන්තු ‌ලේකම් කාර්යාල කාර්ය මණ්ඩල‌යේ ඉල්ලීම පරිදි ඔවුන‌ගේ ‌තොරතුරු අවශ්‍යතා ද පුස්තකාල‌ය මගින් සපි‌රේ.

පාර්ලි‌මේන්තු‌වේ පුස්තකාල‌‌යෙන් සැ‌ප‌යෙන කාර්යයන් සහ ‌සේවාවන් පිළිබඳ ලබා දී ඇති ‌තොරතුරු ප්‍රමාණවත් ‌නො‌වේ යැයි කිසියම් පාර්ලි‌මේන්තු මන්ත්‍රීවර‌යෙකුහට හැඟී යන්නේ නම්, පහත සඳහන් දුරකථන අංකයන්ට අමතා පුස්තකාල කාර්ය මණ්ඩල‌යෙන් වැඩිමනත් ‌තොරතුරු ලබාගනු ඇතැයි උදක්ම බලා‌පො‌රොත්තු ‌වෙමු.

දුරකථන: +94 11 2777483, +94 11 2777484
 
     
  ^ ඉහළට  
     
 
පාර්ලිමේන්තු දිනදසුන | පාර්ලිමේන්තුවේ කටයුතු | පාර්ලිමේන්තු අත්පොත | මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය | කාර්යයන් | කාරක සභා | පාර්ලි‌මේන්තු මහ‌ලේකම් කාර්යාලය
© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව. සියලු හිමිකම් ඇවිරිණි. විසඳුම Affno විසිනි.