| | | | | | |
 
 

හැදින්වීම

 

පාර්ලි‌මේන්තු‌වේ මහ ‌ලේකම්

 

වේත්‍රධාරී දෙපාර්තමේන්තුව

 

පරිපාලන දෙපාර්තමේන්තුව

 

ව්‍යවස්ථාදායක සේවා දෙපාර්තමේන්තුව

 

මුදල් සහ සැපයුම් දෙපාර්ත‌මේන්තුව

 

හැන්සාඩ් ‌දෙපාර්ත‌මේන්තුව

 

සම්බන්ධීකරණ ඉංජිනේරු දෙපාර්තමේන්තුව

 

ආහාරපාන හා ගෘහපාලන සේවා දෙපාර්තමේන්තුව

 

තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුව


තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුව

පාර්ලිමේන්තුවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අවශ්‍යතා හසුරුවනු ලබන්නේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුව විසිනි.

පාර්ලිමේන්තුවේ මෙතෙක් පැවති දෙපාර්තමේන්තු හතට තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුව එක් කරන ලද්දේ 2004 වර්ෂයේ අග භාගයේදීය. මෙවැනි දෙපාර්තමේන්තුවක් නිර්මාණය කිරීමේ අදහස ඇති වූයේ, ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) හා ලෝක බැංකු උපකාර මත පවත්වනු ලැබූ “ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හා සංවර්ධනය උදෙසා පාර්ලිමේන්තුව නව්‍යකරණය කිරීමේ” ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් ලෙසය.

දැක්ම

තොරතුරු පද්ධති මඟින් පාර්ශ්වකරුවන් ශක්තිමත් කිරීම.

මෙහෙවර

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට උපකාර කරනු වස්, ඔවුන්ට නිවැරදි සහ කාලෝචිත තොරතුරු සැපයීම.
පාර්ලිමේන්තු තීරණ හා වැදගත් කාරණා සම්බන්ධ දැනුම සහ තොරතුරු පොදු ජනතාව වෙත ලබාදීම.
ඵලදායී තොරතුරු කළමනාකරණයක් මගින් පාර්ලිමේන්තු ලේකම් කාර්යාලයේ කටයුතුවල කාර්යක්ෂමතාව හා ඵලදායීතාව උසස් මට්ටමකට ගෙන ඒම.

පාර්ලිමේන්තුව නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ අනුව හඳුනාගත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උපායමාර්ගයක් ක්‍රියාවට නැංවීමේ කාර්යයෙහි තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුව මේ වන විට නියැලී සිටී. තොරතුරු තාක්ෂණ දැනුම්වත් කිරීමේ වැඩසටහන, බහු භාෂා වෙබ් අඩවිය, නවීන සන්නිවේදන යටිතල පහසුකම්, අන්තඃජාල බිහිදොර ආදී සන්ධිස්ථාන කරා දෙපාර්තමේන්තුව දැනටමත් ළඟා වී සිටී. මීට අමතරව, සිය දැක්ම යථාර්ථයක් කරගනු පිණිස එය තවත් ව්‍යාපෘති කිහිපයක නියැළෙමින් සිටී.

තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ පාර්ලිමේන්තු ලේඛන

පාර්ලිමේන්තු සංකීර්ණයේ දැනට පවත්නා තත්වය පරීක්ෂා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිර්දේශයන්ට අනුව, පාර්ලිමේන්තුව තුළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතය පිළිබඳ ප්‍රතිලාභ හා පිරිවැය විශ්ලේෂණයක් දෙපාර්තමේන්තුව විසින් 2008 මාර්තු මාසයේ දී සකස් කරන ලදී.

ප්‍රතිලාභ හා පිරිවැය විශ්ලේෂණය
ප්‍රතිලාභ හා පිරිවැය විශ්ලේෂණය සැකෙවින්

 
     
  ^ ඉහළට  
     
 
පාර්ලිමේන්තු දිනදසුන | පාර්ලිමේන්තුවේ කටයුතු | පාර්ලිමේන්තු අත්පොත | මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය | කාර්යයන් | කාරක සභා | පාර්ලි‌මේන්තු මහ‌ලේකම් කාර්යාලය
© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව. සියලු හිමිකම් ඇවිරිණි. විසඳුම Affno විසිනි.