|
සභාලේඛන කාර්යාංශයේ කාර්යයන්
පාර්ලිමේන්තුව පළමුවරට රැස්වීම
මහ මැතිවරණයකට පසු අභිනව පාර්ලිමේන්තුව පළමුවර රැස්වීමේදී ඉටුකළ යුතු වගකීම්.
| 1. |
මැතිවරණ කොමසාරිස්වරයාගෙන් අභිනවයෙන් පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්‌ගේ නම් ලැයිස්තුවක් ලබාගැනීම. |
| |
|
| 2. |
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්‌ගේ ප්‍රයෝජනය සඳහා තොරතුරු පද්ධතියක් පවත්වාගෙන යාම හා දිවුරුම් පත්‍රිකා ලියකියවිලි හා ලිපියැවීමේ ලැයිස්තු සකස් කිරීම සඳහා පුද්ගලික තොරතුරු එකතු කිරීම. |
| |
|
| 3. |
සභාවේ වැඩ කටයුතු ස්ථාවර නියෝග 1 හා 19 ට අනුව හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන ලද සංදේශය අනුව සකස් කිරීම. |
| |
|
| 4. |
අභිනව කථානායකවරයෙකු, නියෝජ්‍ය කථානායකවරයෙකු හා නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයෙකු තෝරා ගැනීම සඳහා ඡන්දයක් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කිරීම. |
| |
|
| 5. |
ඡන්ද පත්‍රිකා සකස් කිරීම. |
එදිනෙදා ඉටුකළ යුතු වගකීම්
| 1. |
න්‍යාය පුස්තකය හා පරිපූරකය
න්‍යාය පුස්තකය යනු භාෂා තුනෙන්ම සකස් කැරුණු සභාවේ ඉදිරියට කෙරෙන කටයුතු සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දෙන්නා වූ ලියවිල්ලකි. එහි යම් කිසි නිශ්චිත දිනයක සලකා බලනු ලබන යෝජනා හා නියෝග අඩංගු වන අතර, දිනයක් නියම කර නොමැති යෝජනා පිළිබඳ දැනුම් දීම ද සිදු වෙයි.
පරිපූරක න්‍යාය පුස්තකයට අතිරේකයක් වශයෙන් අවශ්‍ය අවස්ථාවල පාර්ලිමේන්තුවේ ප්‍රශ්න හා යෝජනා පිළිබඳ දැනුම්දීම සඳහා ඉදිරිපත් කරයි. |
| |
|
| 2. |
න්‍යාය පත්‍රය
න්‍යාය පත්‍ර යනු පාර්ලිමේන්තුව රැස්වන දිනයක් සඳහා සකස් කර, මුද්‍රණය කර සියලුම අමාත්‍යාංශවලට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා මාධ්‍යයට බෙදාහරිනු ලබන න්‍යාය පත්‍රයයි. |
| |
|
| 3. |
පිළිගන්වනු ලබන ලේඛන
අමාත්‍යවරුන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන කාරක සභා වාර්තා, සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතනයන්හි වාර්ෂික වාර්තා, වාර්ෂික ඇස්තමේන්තු, ගැසට් කරන ලද යෝජනා, නියෝග, අතුරු ව්‍යවස්ථා ආදී සියලුම ලේඛනයන්හි පිටපත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙත සපයනු ලැබේ. |
| |
|
| 4. |
දිනට නියමිත කටයුතු
පාර්ලිමේන්තුව රැස්වන සෑම දිනකම පාර්ලිමේන්තු සභා ගර්භය තුළ සෑම කාර්යයක්ම සිදු කරන්‌නේ ස්ථාවර නියෝග 19 ට අනුකූලවය. ගරු කථානායකතුමා, නියෝජ්‍ය කථානායකතුමා, නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමා, පාර්ලිමේන්තුවේ මහ ලේකම්, නියෝජ්‍ය මහ ලේකම් හා සහකාර මහ ලේකම් සඳහා වෙන වෙනම සටහන් පත්‍ර සකස් කරනු ලැබේ. පාර්ලිමේන්තුවේ සභා කටයුතු ආරම්භ වීමට පෙර ඒ සියල්ල සහකාර අධ්‍යක්ෂ (සභා ලේඛන) විසින් සංක්ෂිප්තව සඳහන් කරනු ලැබේ. එසේම මෙම ආයතනයේ නිලධාරීන්‌ගේ කාර්යය වන්‌නේ නිල මැදිරියේ සිට සභාවේ කටයුතු සඳහා සහාය වීමයි. |
| |
|
| 5. |
පාර්ලිමේන්තුවේ වාර්තා
පාර්ලිමේන්තුවේ වාර්තා, එනම් සභා ගර්භය තුළ සිදු වූ සියලු කටයුතු වල සාරාංශය භාෂා තුනෙන්ම සකස් කරන අතර රාජකාරි කටයුතු සඳහා නිකුත් කරනු ලැබේ. |
පක්ෂ නායකයන්‌ගේ රැස්වීම් හා පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ කාරක සභා
පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායකයන්‌ගේ හා කාරක සභාවල රැස්වීම් කැඳවීම ගරු කථානායකතුමාගේ යොමු කිරීම මත සිදු කරයි.
පාර්ලිමේන්තු ප්‍රශ්න
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්‌ගෙන් වාචික පිළිතුරු අපේක්ෂා කරන සහ නොකරන ප්‍රශ්න සඳහා ප්‍රශ්න ලබා ගැනීම හා එම ප්‍රශ්න යොමු කළ අදාළ අමාත්‍යාංශයේ වගකිවයුතු ඇමැතිවරයා වෙතට පිළිතුරු දීම සඳහා එම ප්‍රශ්නය යොමු කිරීම.
පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ යෝජනා
පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ යෝජනා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත භාර ගනු ලබන අතර එක් මාසයක පාර්ලිමේන්තුව රැස්වන පළමු සතියේ පළමු සිකුරාදා දින සාකච්ඡා කිරීම සඳහා යොමු කරයි. සාකච්ඡාවට ගැනීම සඳහා පිළියෙල කරනු ලැබේ.
සභාලේඛන කාර්යාංශය පහත සඳහන් කාරණා සම්බන්ධව වගකිව යුතුය.
| 1. |
පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කිරීම සඳහා කටයුතු සම්පාදනය කිරීම. |
| |
|
| 2. |
ස්ථාවර නියෝග 14 යටතේ පාර්ලිමේන්තුව කැඳවීම. |
| |
|
| 3. |
ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් මත පාර්ලිමේන්තුව විසුරුවාහළ පසු අතිගරු ජනාධිපතිතුමාගේ/ජනාධිපතිනියගේ නියෝගයක් මත පාර්ලිමේන්තුව කැඳවීමට කටයුතු කිරීම. |
| |
|
| 4. |
පරිපූරක ඇස්තමේන්තු. |
| |
|
| 5. |
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු ප්‍රකාරව නිවේදන සකස් කිරීම හා එම නිවේදන පරිවර්තනය කිරීම. |
|
|