|
මුදල් සහ සැපයුම් දෙපාර්තමේන්තුව
ආයතනික ව්‍යුහය
මුදල් හා සැපයීම් අංශයේ ප්‍රධානියා වන්‌නේ අධ්‍යක්ෂ (මුදල්) තනතුර දරන නිලධාරියාය. ඔහු පාර්ලිමේන්තුවේ මහලේකම් හා ප්‍රධාන ගිණුම් නිලධාරියාට මූල්‍යමය කරුණු සම්බන්ධව උපදෙස් දීමට බැඳී සිටියි. මුදල්, සැපයුම් හා අභ්‍යන්තර ගිණුම් කාර්යාලවල ප්‍රධානත්වය සහකාර අධ්‍යක්ෂවරයෙක් විසින් දරන අතර ආහාර සැපයීමේ ගිණුම් කාර්යාලයේ ප්‍රධානත්වය (ආහාර සැපයීමේ හා ගෘහ පාලන) ගණකාධිකාරී විසින් දරනු ලැබේ.
ප්‍රධාන කටයුතු
පාර්ලිමේන්තුවේ කළමනාකරණ කටයුතු වලදී මුදල් හා සැපයීම් අංශය විශාල කාර්ය භාරයක් ඉටු කරයි. මෙම අංශය සතු ප්‍රධානම කාර්යය වන්‌නේ අවහිරයකින් තොරව ආයතනයේ කටයුතු කරගෙන යාම සඳහා පාර්ලිමේන්තුවේ වාර්ෂික අයවැය සකස් කිරීම හා පාලනය කිරීමයි. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට වැටුප්, දීමනා හා අනෙකුත් හිමිකම් සම්බන්ධ ගෙවීම් කිරීමත් අනෙකුත් මුල්‍යමය ප්‍රතිලාභ නියමිත දිනට ලබා දීමත් මෙම අංශයේ කාර්යයන් වේ. මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් වැඩ පිළිවෙල පරිපාලනය කිරීමත් පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන්ට හා ඔවුන්‌ගේ වැන්දඹුවන්ට මාසික විශ්‍රාම වැටුප් ගෙවීමත් මෙම අංශයේ තවත් ප්‍රධාන කාර්යයකි.
මුදල් සහ ගිණුම් කාර්යාංශය
| • |
වාර්ෂික ඇස්‌තමේන්තු කෙටුම්පත් සකස් කිරීම |
| • |
ප්‍රධාන ලෙජරය හා අනෙකුත් ගිණුම් පවත්වාගෙන යාම |
| • |
මාසික ගිණුම් මහා භාණ්ඩාගාරයට ඉදිරිපත් කිරීම |
| • |
වාර්ෂික ගිණුම් විගණකාධිපතිට ඉදිරිපත් කිරීම |
| • |
මාසික ගිණුම් සැසඳීම |
| • |
නිල බැංකු ගිණුම පවත්වාගෙන යාම |
| • |
මන්ත්‍රීවරුන්ට වැටුප් හා දීමනා ගෙවීම |
| • |
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ගෙවීම |
| • |
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට වැටුප් හා දීමනා ගෙවීම |
| • |
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට ණය ලබාදීම |
| • |
සියලුම උපයෝගීතා සේවා බිල් පියවීම |
| • |
සැපයුම්කරුවන්‌ගේ ඉන්‌වොයිස් / බිල් පියවීම |
අභ්‍යන්තර විගණන කාර්යාංශය
| • |
වැඩසටහනකට අනුව අඛණ්ඩ අභ්‍යන්තර විගණනයක් පවත්වාගෙන යෑම
|
| • |
විශේෂ විමර්ශන ක්‍රියාත්මක කිරීම
|
| • |
ගබඩාවල බඩු දැනුම් දීමකින් තොරව හදිසියේ ගණන් බැලීම
|
| • |
විගණන විමසුම් පිළිබඳ ලේඛනයක් පවත්වාගෙන යෑම
|
| • |
විගණන විමසුම් වලට පිළිතුරු යැවීම
|
ආහාරපාන ගිණුම් කාර්යාංශය
| • |
ආහාර වේල් මිල කිරීම |
| • |
විධායක අරක්කැමි විසින් එවනු ලබන සියලුම දෛනික වාර්තා පරීක්ෂා කිරීම |
| • |
සෑම භෝජනාගාරයකින්ම එවන දෛනික අලෙවි වාර්තා පරීක්ෂා කිරීම |
| • |
භෝජනාගාරවල අලෙවියෙන් ලැබෙන ආදායම එකතු කර ගැනීම |
| • |
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්‌ගෙන් හා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයෙන් ආහාර ගාස්තු අයකර ගැනීම |
සැපයුම් හා සේවා කාර්යාංශය
| • |
සැපයුම්කරුවන් වාර්ෂිකව ලියාපදිංචි කිරීම |
| • |
සියලුම භාණ්ඩ හා සේවා සැපයීම |
| • |
ටෙන්ඩර් මණ්ඩල සම්බන්ධීකරණය කිරීම |
| • |
යන්ත්‍ර හා උපකරණ සේවා කිරීම |
| • |
ආහාර සැපයීමේ අංශයේ ගබඩාව ඇතුලු අනෙකුත් ගබඩා සම්බන්ධව කටයුතු කිරීම |
| • |
විධිමත් භාණ්ඩ වට්‌ටෝරු පාලන ක්‍රමයක් පවත්වාගෙන යෑම |
| • |
ගබඩාවල වාර්ෂිකව බඩු ගණන් බැලීම |
| • |
අලුත්වැඩියා කොට සේවයට ගත නොහැකි ද්‍රව්‍ය බැහැර කිරීම |
|
|