|
සම්බන්ධීකරණ ඉංජිනේරු දෙපාර්තමේන්තුව
සම්බන්ධීකරණ ඉංජිනේරු දෙපාර්තමේන්තුව ප්‍රථම වරට 1990 වසරේදී ස්ථාපිත කරන ලද්‌දේ පාර්ලිමේන්තු ගොඩනැගිලි සංකීර්ණය, කථානායකවරයාගේ නිල නිවස, ශ්‍රාවස්ථිය, ජයවඩනගම නිවාස සංකීර්ණයේ ඇති කාර්ය මණ්ඩලයේ නිල නිවාස හා නුවරඑළියේ පිහිටි සෙන්පති නිවස ඇතුළු පාර්ලිමේන්තුවේ ගොඩනැගිලි රැසක සිවිල් නඩත්තු කටයුතු ඉටු කිරීම සඳහාය.
පසුව 1992 වසරේදී, විදුලි අංශය ස්ථාපිත කරන ලද්‌දේ ගොඩනැගිලි දෙපාර්තමේන්තුව විසින් කරනු ලැබූ විදුලි නඩත්තු කටයුතු කරගෙන යෑම සඳහාය. එම කටයුතු අතරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළ ඇති විදුලි සෝපාන, වායු සමීකරණ, ශීතකරණ හා අවශ්‍ය අවස්ථාවක ක්‍රියාත්මක කළ හැකි මෙගා වොට් 1.5 ක විදුලි බල උත්පාදන ඒකකය ආදී විදුලි හා යාන්ත්‍රික උපකරණ ක්‍රියාත්මක කිරීම හා නඩත්තු කිරීම අයත් වේ.
එසේම සම්බන්ධීකරණ ඉංජිනේරු දෙපාර්තමේන්තුව විශේෂිත සේවා සපයන රාජ්‍ය ආයතන සමඟ සබඳකම් පැවැත්වීම සම්බන්ධව ද වගකීම දරයි. උදාහරණ වශයෙන් ලංකා විදුලිබල මණ්ඩලය, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, රූපවාහිනී සංස්ථාව හා ටෙලිකොම් ආයතනය දැක්විය හැකිය.
සම්බන්ධීකරණ ඉංජිනේරු දෙපාර්තමේන්තුව මගින් සංවෘත්ත පරිපථ කැමරා ආරක්ෂක පිරික්සුම් පද්ධතිය, දුරකථන හුවමාරු පද්ධතිය, පාර්ලිමේන්තු සභා ගර්භයේ සංවෘත්ත පරිපථ කැමරා පද්ධතිය හා ශබ්ද පාලන පද්ධතිය, බහු නාලිකා රූපවාහිනී පද්ධතිය හා ශ්‍රව්‍ය දෘශ්‍ය සංරක්ෂණ පද්ධතිය නඩත්තු කිරීම ද සිදු කරයි. |
|