| | | | | | |
 
 

හැදින්වීම

 

පාර්ලි‌මේන්තු‌වේ මහ ‌ලේකම්

 

වේත්‍රධාරී දෙපාර්තමේන්තුව

 

පරිපාලන දෙපාර්තමේන්තුව

 

ව්‍යවස්ථාදායක සේවා දෙපාර්තමේන්තුව

 

මුදල් සහ සැපයුම් දෙපාර්ත‌මේන්තුව

 

හැන්සාඩ් ‌දෙපාර්ත‌මේන්තුව

 

සම්බන්ධීකරණ ඉංජිනේරු දෙපාර්තමේන්තුව

 

ආහාරපාන හා ගෘහපාලන සේවා දෙපාර්තමේන්තුව

 

තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුව


ආහාරපාන හා ගෘහපාලන සේවා දෙපාර්තමේන්තුව

1982 වසරේදී ඉදිකරන ලද පාර්ලිමේන්තු සංකීර්ණය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නව පරිපාලන අග නගරයේ මිණි කිරුළ සේ සැලකේ.

වර්ග අඩි 518,914 ක් වන මේ යෝධ ගොඩනැගිල්ල හා ඒ වටා ඇති භූමිභාගයන්හි නඩත්තුව හා ආහාර පාන සැපයීම සිදු කරනු ලබන්නේ ආහාර පාන හා ගෘහ පාලන අධ්‍යක්ෂ ගේ අධීක්ෂණය යටතේය.

ගෘහ පාලනය

පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ එදිනෙදා පවිත්‍ර කිරීමේ කටයුතු හා එහි මනරම් උයන් හා පොකුණු නඩත්තු කිරීමේ වගකීම පැවරී ඇත්තේ විධායක ගෘහපාලකවරයා ප්‍රමුඛ 101 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලය වෙතය. පාර්ලිමේන්තුව වටා ඇති දියවන්නා ඔය ඇතුළු අවට ප්‍රදේශය කුරුළු අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත්කොට ඇති අතර ඒ ප්‍රදේශය වසර පුරාම දැකිය හැකි නා නා විධ පක්ෂි සමුහයාගේ වාසභූමිය බවට පත්වී තිබේ.

ආපන ශාලා

පෞද්ගලික භෝජනාගාරයට අමතරව ආපනශාලා හයකින් අවශ්‍ය සේවාවන් සැපයීමේ වගකීම ආහාර පාන අධ්‍යක්ෂවරයා වෙත පැවරේ. මන්ත්‍රීවරුන් සඳහා වූ ප්‍රධාන භෝජනාගාරය ඉදිකොට ඇත්තේ දියවන්නා ඔය ඉතා මනරම් ලෙස දිස්වන අයුරින්, පළමු මාලයේ වහලය මත ඉදිකොට ඇති උද්‍යානයන්ට විවෘත වන ලෙසිනි.

එවැනිම භෝජනාගාරයක් ගොඩනැගිල්ලේ අනෙක් පස කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා වෙන්ව ඇත. ගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා, ගරු කථානායකතුමා හා පාර්ලිමේන්තුවේ මහලේකම් වෙනුවෙන් පෞද්ගලික භෝජනාගාර පහසුකම් සැපයෙන අතර විශේෂ අවස්ථාවල ප්‍රභූ භෝජනාගාර පහසුකම් සඳහා පාර්ලිමේන්තුවේ ප්‍රධාන පිවිසුම් මාර්ගයට ඉහලින් සිව්වන මහලේ පිහිටි විශේෂ ස්ථානයක ඉඩකඩ සලසා තිබේ.

මෙම භෝජනාගාරයන්හි සේවාවන් සපයනු ලබන්නේ හෝටල් සුදුසුකම් ලත් විශේෂ පුහුණු කාර්ය මණ්ඩලයකින් වන අතර දෛනිකව පුද්ගලයින් 2000 කට පමණ මෙහිදී සේවාවන් සැපයිය හැකි වේ.

මුළුතැන්ගෙය

දෛනිකව පුද්ගලයන් 2000 කට පමණ ආහාර පාන සැපයිය හැකි මධ්‍යගත මුළුතැන්ගෙයක් පාර්ලිමේන්තු සංකීර්ණය තුළ තිබෙන අතර සියලු භෝජනශාලාවන් සඳහා අවශ්‍ය කෑම බීම වර්ග, සුදුසුකම් ලත් අරක්කැමියන් හා පුහුණු කාර්ය මණ්ඩලයක් මගින් සපයනු ලැබේ. බටහිර හා පෙරදිග විවිධ කෑම බීම වර්ග සැපයීම සඳහා අවශ්‍ය පහසුකම් වලින් සමන්විත මෙය සුදුසුකම් ලත් විධායක අරක්කැමියකුගේ අධීක්ෂණය යටතේ පවතී.

 
     
  ^ ඉහළට  
     
 
පාර්ලිමේන්තු දිනදසුන | පාර්ලිමේන්තුවේ කටයුතු | පාර්ලිමේන්තු අත්පොත | මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය | කාර්යයන් | කාරක සභා | පාර්ලි‌මේන්තු මහ‌ලේකම් කාර්යාලය
© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව. සියලු හිමිකම් ඇවිරිණි. විසඳුම Affno විසිනි.