| | | | | | |
 
 

හැදින්වීම

 

පාර්ලි‌මේන්තු‌වේ මහ ‌ලේකම්

 

වේත්‍රධාරී දෙපාර්තමේන්තුව

 

පරිපාලන දෙපාර්තමේන්තුව

 

ව්‍යවස්ථාදායක සේවා දෙපාර්තමේන්තුව

   
- පාර්ලි‌මේන්තු‌වේ සභාලේඛන කාර්යාංශය
 
- සභාලේඛන කාර්යාංශයේ කාර්යයන්
- පාර්ලිමේන්තුවේ පනත් කෙටුම්පත් කාර්යාංශය
- කාරක සභා කාර්යාංශය
- උපදේශක කාරක සභා කාර්යාංශය
- රජයේ ගිණුම් පිළිබඳ හා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා කාර්යාංශ
- පාර්ලිමේන්තුවේ කථා පරිවර්තක කාර්යාලය
 
- සමගාමී කථා පරිවර්තනය
- පාර්ලි‌මේන්තු‌ පුස්තකාලය
 
- පුස්තකාලය පිළිබඳ විස්තර
- මන්ත්‍රීවරුන්ට සැප‌යෙන ‌සේවාවන්
 

මුදල් සහ සැපයුම් දෙපාර්ත‌මේන්තුව

 

හැන්සාඩ් ‌දෙපාර්ත‌මේන්තුව

 

සම්බන්ධීකරණ ඉංජිනේරු දෙපාර්තමේන්තුව

 

ආහාරපාන හා ගෘහපාලන සේවා දෙපාර්තමේන්තුව

 

තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුව


පුස්තකාලය පිළිබඳ විස්තර

පාර්ලිමේන්තු සංකීර්ණය තුළ පුස්තකාලයෙහි පිහිටීම

වත්මනෙහි පුස්තකාලය, ප්‍රධාන පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේ දක්ෂිණ කොටසෙහි පිහිටා ඇති අතර එය පළමු මහලෙහි වර්ග අඩි 9800ක සහ බිම් මහලෙහි වර්ග අඩි 8500ක ඉඩකඩ ප්‍රමාණයක් හිමිකරගෙන ඇත. ආශ්‍රෙය අංශය, බැහැරදීමේ අංශය, පුවත්පත් අංශය මෙන්ම කාර්‍ය්‍ය මණ්ඩලයේ කටයුතු සඳහා වූ ප්‍රදේශයද පළමු මහලේ පිහිටා ඇත. පර්යේෂණ අංශය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලිපි අංශය හා මෑතකදී පිහිටවනු ලැබූ සයිබර් කැ‍ෆේ අංශයද බිම් මහලේ පිහිටා තිබේ. පර්යේෂණ අංශය මඟින් දත්ත, සංඛ්‍යා ලේඛන හා අදාළ තොරතුරු සපයනු ලැබේ. නියෝජිත හා සාමි මන්ත්‍රී මණ්ඩලවල හැන්සාඩ් වාර්තා, රජයේ සංස්ථා හා මණ්ඩල බඳු ව්‍යවස්ථාපිත ආයතනවල වාර්ෂික වාර්තා පළමු මහලෙහි තබා ඇති අතර මන්ත්‍රීවරුන්ට නිදහසේ පොත්පත් කියවීම හා අධ්‍යයන කටයුතුවල නියැළීම සඳහා වෙන්වූ විශාල කොටසක් ද එහි තිබේ. මන්ත්‍රීවරුන්ගේ ලිපි අංශයෙන් සිය ලිපි ලබා ගැනීම සඳහා වූ පහසුකම් මන්ත්‍රීවරුන්‍ට සපයා ඇත.

පුස්තකාලය විවෘත කර ති‍බෙන වේලාවන්

සියලුම වැඩ කරන දිනවල පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා පුස්තකාලය විවෘතව ඇත. සෙනසුරාදා, ඉරිදා හා රජයේ නිවාඩු දිනවල එය වසා තැබේ. පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනවල එය පෙ.ව. 8.00 සිට පාර්ලිමේන්තු රැස්වීම අවසන් වන තුරු විවෘතව තැබේ.

විෂය ආවරණය

පුස්තකාලයේ ඇති ග්‍රන්ථවල විෂය පරාසය පුළුල් හා සියලු විෂයයන් ඇතුළත් එකකි. දේශපාලන විද්‍යාව, ජාත්‍යන්තර කටයුතු, ආර්ථිකය, නීතිය, රාජ්‍ය පරිපාලනය, සමාජ සුභසාධනය, අධ්‍යාපනය, ඉතිහාසය, භූගෝලය හා ආගම ආදී විෂයයන්ට විශේෂ අවධාරණයක් සහිතව සියලුම දැනුම් ‍ ක්‍ෂේත්‍රයන් ආවරණය පන පරිදි එය සකස් වී ඇත. පුස්තකාලය භාවිතා කරන පාඨකයින්ගේ ස්වභාවය සැලකිල්ලට ගනිමින් උසස් විද්‍යාත්මක හා තාක්ෂණික ග්‍රන්ථ පුස්තකාලයේ පොත් එකතුවට ඇතුළත් කොට නොමැත. දේශපාලනික, නෛතික හා ජාත්‍යන්තර සබඳතා ආදී ක්‍ෂේත්‍රයන්ට අදාළ ග්‍රන්ථ වැඩිවශයෙන් ලබාගනිමින් ග්‍රන්ථ එකතුව පුළුල් කිරීමට විශේෂ අවධානයක් නිරන්තරයෙන් ලබා දී තිබේ. දේශපාලන විද්‍යාව විෂයය සම්බන්ධයෙන් විශිෂ්ඨ දැනුම් මධ්‍යස්ථානයක් ලෙස පුස්තකාලය උසස් කිරීමට විශේෂ උත්සාහයක් දරනු ලැබේ. ඉහත ග්‍රන්ථ එකතුවට අතිරේකව මන්ත්‍රීවරුන් හට විවේක අවස්ථාවලදී පරිශීලනය කිරීම සඳහා ඉංග්‍රීසි, සිංහල හා දෙමළ භාෂාත්‍රයෙන්ම ප්‍රබන්ධ එකතුවක් පුස්තකාලය තුළ ඇත. පුස්තකාලයේ මුළු පොත් එකතුව පොත් 34000ක් පමණ වන අතර ඉන් බහුතරය ඉංග්‍රීසි භාෂාවෙන් පළකර ඇති පොත් වේ.
 
     
  ^ ඉහළට  
     
 
පාර්ලිමේන්තු දිනදසුන | පාර්ලිමේන්තුවේ කටයුතු | පාර්ලිමේන්තු අත්පොත | මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය | කාර්යයන් | කාරක සභා | පාර්ලි‌මේන්තු මහ‌ලේකම් කාර්යාලය
© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව. සියලු හිමිකම් ඇවිරිණි. විසඳුම Affno විසිනි.