|
අග්‍රාමාත්‍යවරු
| ප්‍රථම පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) |
1947 ඔක්‌තෝබර් 14 - 1952 අප්‍රේල් 08 |
මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා
(මීරිගම) |
1947 සැප්තැම්බර් 24 - 1952 මාර්තු 22 |
| (මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා විය) |
| |
ගරු ඩඩ්ලි සේනානායක මැතිතුමා
(දැදිගම) |
1952 මාර්තු 26 |
| (සිය පියාණන් වූ මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමාගේ මරණයෙන් පසු ඩඩ්ලි සේනානායක මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරන ලදී) |
|
| දෙවන පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) |
1952 ජුනි 09 - 1956 පෙබරවාරි 18 |
ගරු ඩඩ්ලි සේනානායක මැතිතුමා
(දැදිගම) |
1953 ඔක්‌තෝබර් 12 |
| (මහ මැතිවරණයේදී සේනානායක මහතා යළි ජනවරමක් දිනාගත් බැවින් නැවත පත් කිරීමකින් තොරව අග්‍රාමාත්‍යධුරයේ කටයුතු කළේය) |
| |
මහාමාන්‍ය ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමා
(දොඩම්ගස්ලන්ද) |
1953 ඔක්‌තෝබර් 12 - 1956 අප්‍රේල් 12 |
| (සේනානායක මහතා අග්‍රාමාත්‍ය තනතුරින් ඉල්ලා අස්වීමෙන් පසු ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා අග්‍රාමාත්‍යධුරයට පත් කරන ලදී) |
|
| තෙවන පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) |
1956 අප්‍රේල් 16 - 1959 දෙසැම්බර් 05 |
ගරු එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා
(අත්තනගල්ල) |
1956 අප්‍රේල් 12 - 1959 සැප්තැම්බර් 26 |
| |
ගරු ආචාර්ය ඩබ්ලිව්. දහනායක මැතිතුමා
(ගාල්ල) |
1959 සැප්තැම්බර් 26 - 1960 මාර්තු 20 |
| (බණ්ඩාරනායක මහතා ඝාතනයට ලක් වීමෙන් අනතුරුව දහනායක මහතා අග්‍රාමාත්‍ය තනතුරට පත් කරන ලදී) |
|
| සිව්වන පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) |
1960 මාර්තු 30 - 1960 අප්‍රේල් 23 |
ගරු ඩඩ්ලි සේනානායක මැතිතුමා
(දැදිගම) |
1960 මාර්තු 21 - 1960 ජූලි 21 |
| (සේනානායක මහතාගේ රජය 1960 අප්‍රේල් 22 වන දින පැවැත් වූ ස්තූති කථාවේදී පරාජයට පත්විය) |
|
| පස්වැනි පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) |
1960 අගෝස්තු 05 - 1964 දෙසැම්බර් 17 |
| ගරු සිරිමා බණ්ඩාරනායක මැතිනිය |
1960 ජූලි 21 - 1965 මාර්තු 25 |
(ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව වූ එතුමිය 1960 ජූලි මස 21 වන දින අග්‍රාමාත්‍යවරිය ලෙස පත් කරනු ලැබුවාය. නමුත් ඇය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක නොවූ බැවින් අග්‍රාමාත්‍ය තනතුරේ කටයුතු කරගෙන යනු පිණිස 1960 අගෝස්තු 02 වන දින උත්තර මන්ත්‍රී මණ්ඩලයට පත්කරනු ලැබුවාය).
(බණ්ඩාරනායක මහත්මියගේ රජය 1964 දෙසැම්බර් 03 වන දින සභාවේ පැවැත් වූ ස්තූති කථාවේදී පරාජයට පත් විය) |
|
| සයවන පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) |
1965 අප්‍රේල් 05 - 1970 මාර්තු 25 |
ගරු ඩඩ්ලි සේනානායක මැතිතුමා
(දැදිගම) |
1965 මාර්තු 25 - 1970 මැයි 29 |
|
| සත්වන පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) |
1970 ජුනි 07 - 1972 මැයි 22 |
ගරු සිරිමා බණ්ඩාරනායක මැතිනිය
(අත්තනගල්ල) |
1970 මැයි 29 - 1972 මැයි 22 |
|
| ප්‍රථම ජාතික රාජ්‍ය සභාව |
1972 මැයි 22 - 1977 මැයි 18 |
ගරු සිරිමා බණ්ඩාරනායක මැතිනිය
(අත්තනගල්ල) |
1972 මැයි 22 - 1977 ජූලි 23 |
|
| දෙවන ජාතික රාජ්‍ය සභාව |
1977 අගෝස්තු 04 - 1978 සැප්තැම්බර් 07 |
ගරු ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා
(බටහිර කොළඹ) |
1977 ජූලි 23 - 1978 පෙබරවාරි 04 |
| |
ගරු ආර්. ප්‍රේමදාස මැතිතුමා
(මැද කොළඹ - පළමු වැනි) |
1978 පෙබරවාරි 06 - 1978 සැප්තැම්බර් 07 |
| (ජයවර්ධන මහතා ශ්‍රී ලංකා ජනාධිපති තනතුරට පත්වීමෙන් අනතුරුව ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරන ලදී) |
|
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රථම පාර්ලිමේන්තුව |
1978 සැප්තැම්බර් 07 - 1988 දෙසැම්බර් 20 |
ගරු ආර්. ප්‍රේමදාස මැතිතුමා
(මැද කොළඹ - පළමු වැනි) |
1978 සැප්තැම්බර් 07 - 1989 ජනවාරි 02 |
|
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දෙවන පාර්ලිමේන්තුව |
1989 මාර්තු 09 - 1994 ජුනි 24 |
ගරු ඩී. බී. විජේතුංග මැතිතුමා
(මහනුවර දිස්ත්‍රික්කය) |
1989 මාර්තු 06* - 1990 මාර්තු 28** |
*
(89.04.18 දිනැති අංක 554/10 දරන ගැසට් පත්‍රය) **
ඉල්ලා අස්විය |
| |
ගරු ඩී. බී. විජේතුංග මැතිතුමා
(මහනුවර දිස්ත්‍රික්කය) |
1990 මාර්තු 30* - 1993 මැයි 07 |
| *නැවත පත්කරන ලදී (1990.03.30 දිනැති අංක 603/19 දරන ගැසට් පත්‍රය) |
| |
ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා
(ගම්පහ දිස්ත්‍රික්කය) |
1993 මැයි 07* - 1994 අගෝස්තු 19 |
*
(1993.05.07 දිනැති අංක 765/16 දරන ගැසට් පත්‍රය)
(විජේතුංග මහතා ශ්‍රී ලංකා ජනාධිපති ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කරන ලදී) |
|
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තුන්වන පාර්ලිමේන්තුව |
1994 අගෝස්තු 25 - 2000 අගෝස්තු 18 |
ගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය
(ගම්පහ දිස්ත්‍රික්කය) |
1994 අගෝස්තු 19 - 1994 නොවැම්බර් 12 |
| |
ගරු සිරිමාවෝ ආර්. ඩී. බණ්ඩාරනායක මැතිනිය
(ජාතික ලැයිස්තුව) |
1994 නොවැම්බර් 14 - 2000 අගෝස්තු 09 |
| (කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා ජනාධිපති ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව බණ්ඩාරනායක මහත්මිය අග්‍රාමාත්‍යවරිය ලෙස පත්කරන ලදී) |
| |
ගරු රත්නසිරි වික්‍රමනායක මැතිතුමා
(කළුතර දිස්ත්‍රික්කය) |
2000 අගෝස්තු 10 - 2000 ඔක්‌තෝබර් 13 |
|
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සිව්වන පාර්ලිමේන්තුව |
2000 ඔක්‌තෝබර් 18 - 2001 ඔක්‌තෝබර් 10 |
ගරු රත්නසිරි වික්‍රමනායක මැතිතුමා
(කළුතර දිස්ත්‍රික්කය) |
2000 ඔක්‌තෝබර් 13 - 2001 දෙසැම්බර් 07 |
|
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වන පාර්ලිමේන්තුව |
2001 දෙසැම්බර් 19 - 2004 පෙබරවාරි 07 |
ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා
(කොළඹ දිස්ත්‍රික්කය) |
2001 දෙසැම්බර් 09 - 2004 අප්‍රේල් 02 |
|
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හයවන පාර්ලිමේන්තුව |
2004 අප්‍රේල් 22 - 2010 පෙබරවාරි 09 |
ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා (හම්බන්තොට දිස්ත්‍රික්කය) |
2004 අප්‍රේල් 06 - 2005 නොවැම්බර් 19 |
| |
ගරු රත්නසිරි වික්‍රමනායක මැතිතුමා
(ජාතික ලැයිස්තුව) |
2005 නොවැම්බර් 19 - 2010 අප්‍රේල් 20 |
| (රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ජනාධිපති ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව වික්‍රමනායක මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කරන ලදී) |
|
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වන පාර්ලිමේන්තුව |
2010 අප්‍රේල් 22 සිට මේ දක්වා |
ගරු දි. මු. ජයරත්න මැතිතුමා
(ජාතික ලැයිස්තුව) |
2010 අප්‍රේල් 21 සිට මේ දක්වා |
|
|
|