|
|
මහා බ්‍රිතාන්‍යයේ මහජන මන්ත්‍රී මණ්ඩලය විසින් ත්‍යාග කරන ලද කථානායක අසුන
ලංකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට මහා බ්‍රිතාන්‍යයේ මහජන මන්ත්‍රී මණ්ඩලයෙන් ලැබුණු ත්‍යාගයක් වන කථානායකවරයාගේ ආසනය වසර 200 ක් පමණ පැරණි යයි වාර්තා වී ඇති අතර, එය පිරිසිදු ඉංග්‍රීසි ඕක් ලීයෙන් නිමවා ඇත. දෙවන ලෝක යුද්ධ සමයේ අර්ධ වශයෙන් විනාශ වූ බ්‍රිතාන්‍ය මහජන මන්ත්‍රී මණ්ඩලයෙන් ඉවත් කරන ලද යට ලීයකින් මෙය නිර්මාණය කර තිබේ. එය අඩි 6 ක් උස වන අතර, රන් ආලේපිත පත්‍ර ආකාර මෝස්තරයක් එහි කැටයම් කර තිබේ. එය තද ලෝහිත වර්ණයෙන් යුතුව සුවපහසු ආකාරයට කුෂන් කර ඇති අතර ආසනයේ ශීර්ෂය කොටස යට සම් ආවරණයක් මත සිංහල සිංහයා කඩුවක් රැගෙන සිටින ආකාරයෙන් රනින් කැටයම් කර තිබේ.
| ප්‍රතිරූපය විශාලනය කිරීම සඳහා ක්ලික් කරන්න. |
 |
 |
 |
 |
 |
|
|