|
|
සභා ගර්භයේ ද්වාරය
සභා ගර්භයේ අලංකාර ප්‍රධාන ද්වාරය දර්ශනීය අයුරින් සැරසිලි කර ඇති අතර එය තඹ වලින් නිමවා රිදී තහඩුවකින් ආවරණය කර ඇත. මෙම ද්වාරය දිගින් අඩි 12 ක් සහ පළලින් අඩි 12 ක් වන අතර එයට විස්මය දනවන ත්‍රිමාන පෙනුමක් ලැබී තිබේ. පෞරාණික ශිලාලේඛනවල රටාව අනුව යමින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පුර්විකාව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි බසින් මෙම ද්වාරයේ කොටා තිබේ. මෙම ද්වාරයෙහි පිටත මායිම්වල, පුරාණ ශ්‍රී ලංකාවේ කලා ශිල්ප පිළිඹිබු කරන දර්ශණීය නෙළුම් මල් රටා සහ සැරසිළි මෝස්තර කැටයම් කර තිබේ. බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති පුරාණ ශ්‍රී ලාංකික උඩු වියනක ඇති මල් මෝස්තරයක් මෙම ද්වාරයේ පිටුපසෙහි දක්නට ලැබේ.
| ප්‍රතිරූපය විශාලනය කිරීම සඳහා ක්ලික් කරන්න. |
 |
 |
 |
 |
|
|
|