| | | | | | |
 
 

පාර්ලි‌මේන්තුව නැරඹීම

 

ඡායාරූප ගැලරිය

   
- සභා ගර්භ‌යේ ද්වාරය
- සභා ගර්භය
-

ආසන පහසුකම්

-

සභා ගර්භ‌‌ සීමාව

-

ගැලරි

-

සෙංකෝලය

-

මහා බ්‍රිතාන්‍යයේ මහජන මන්ත්‍රී මණ්ඩලය විසින් ත්‍යාග කරන ලද කථානායක අසුන


සභා ගර්භ සීමාව

ප්‍රධාන ද්වාර‌යෙන් සභා ගර්භයට පිවිසීමට ඇති පියගැට ‌පෙළට කෙළින්ම ඉහළින් සභා ගර්භයේ මැද ‌කොටස මත අතුරා ඇති රතු පැහැති පලස මත, දිග ඝෘජු‌කෝණාස්‍රාකාර නිකල් පටියක් තබා ති‌බේ. මෙය සභා ගර්භ‌යේ සීමාව සලකුණු කරයි. මෙම සීමා‌වේ මුහුණතෙහි, නිර්නිතභාවය, සදාකාලිකත්වය සහ ‌සෞභාග්‍ය සං‌කේතාත්මක කරන සම්ප්‍රදායික එ‌මෙන්ම සංකීර්ණ ‌මෝස්තර කැටයම් කර ඇත. පාර්ලි‌මේන්තු මන්ත්‍රීවරයකු හෝ සභා ගර්භ නිලධාරියකු හෝ ‌නොවන කිසිම පුද්ගල‌යෙකුට ‌මෙම සීමා‌වෙන් ඔබ්බට ගමන් කළ ‌නොහැක. මහ මැතිවරණයකින් පසුව පාර්ලි‌‌මේන්තුව රැස්වන ප්‍රථම දින‌යේ සියළුම මන්ත්‍රීවරුන් සභා සීමාව තුළ අසුන් ‌ගෙන සිටින අවස්ථා‌‌වේදී හැර, දිව්රුම් දීමට නියමිත මන්ත්‍රීවරයකු එ‌සේ දිව්රුම් දීමට ‌පෙර ‌හෝ පාර්ලි‌මේන්තුව හමුවට කැඳවනු ලැබූ පුද්ගලයකු ‌හෝ (එම කාර්යයන් සඳහා ඔවුන් සභා ගර්භය තුළට කැඳවනු ලබන තුරු) සභා ගර්භ සීමාව මත රැඳී සිටිය යුතු ‌වේ. කථානායකවරයා සභා ගර්භයට පැමි‌ණෙන විට ‌වේත්‍රය නො‌හොත් ‌සෙං‌කෝලය රැ‌ගෙන යන ‌වේත්‍රධාරී සහ නි‌යෝජ්‍ය ‌වේත්‍රධාරී අසුන් ‌ගෙන සිටින්‌නේ සභා ගර්භ‌ සීමාවට ඔබ්‌බෙනි. ‌වේත්‍රධාරී හට සභා ගර්භය තුළ කඩුවක් පැළඳ සිටී‌‌මේ වරප්‍රසාදය හිමි ‌වේ.

ප්‍රතිරූපය විශාලනය කිරීම සඳහා ක්ලික් කරන්න.
   

 

 
 
     
 
පාර්ලිමේන්තු දිනදසුන | පාර්ලිමේන්තුවේ කටයුතු | පාර්ලිමේන්තු අත්පොත | මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය | කාර්යයන් | කාරක සභා | පාර්ලි‌මේන්තු මහ‌ලේකම් කාර්යාලය
© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව. සියලු හිමිකම් ඇවිරිණි. විසඳුම Affno විසිනි.