|
පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන
| 4(අ). |
ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනතාව විසින් තෝරා පත්කරගනු ලබන මන්ත්‍රීවරයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින්ද ජනමත විචාරණයකදී ජනතාව විසින්ද ක්‍රියාත්මක කල යුත්තේය.
|
| |
|
| 75.
|
අතීතයටද බලපාන්නාවු නීති සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිච්ජින්න කරන්නාවු හෝ සංශෝධනය කරන්නාවු නීති ද ඇතුළුව නීති පැනවීමේ බලය පාර්ලිමේන්තුවට ඇත්තේය.
|
| |
|
| 76. |
පාර්ලිමේන්තුව එය සතු ව්‍යවස්ථාදායක බලය අත් නොහළ යුතු අතර 76 ව්‍යවස්ථාවේ (2) (3) සහ (4) විධිවිධානවලට යටත්ව කවර හෝ ව්‍යවස්ථාදායක බලයක් සතු කිසිම අධිකාරියක් නොපිහිටුවිය යුත්තේය.
|
| |
|
| 152. |
ස්ථාවර නියෝග අංක 133 - ජනරජයේ ඒකාබද්ධ අරමුදලෙන් නැතහොත් ජනරජයේ වෙනත් අරමුදලකින් යම්කිසි මුදලක් ගෙවීමට හෝ එකී අරමුදල්වලට වැය බරක් පැවරීමට හෝ තත් කාලයේ බලපවත්නා යම්කිසි බද්දක් ඉවත් කිරීමට, වැඩි කිරීමට නැතහොත් අඩුකිරීමට හෝ බලය පවරන්නා වූ පනත් කෙටුම්පතක් හෝ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව අමාත්‍යවරයකු විසින් පමණක්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුත්තේය.
|
නීති පැනවීමේ භාෂාව
| 23. |
සියළුම නීති සහ අනු නීති පැනවීම නොහොත් සෑදීම ද එකී සියළුම නීති සහ අනු නීති පළකිරීම ද ඉංග්‍රීසි භාෂාවෙන් වූ පරිවර්තනයක් ද ඇතිව සිංහල හා දෙමළ භාෂා දෙකෙන්ම විය යුත්‌තේය. |
ශ්‍රේෂ්ඨාධිකරණයේ ව්‍යවස්ථා සම්පාදනයට අදාල අධිකරණ බලය
| 118 |
ශ්‍රී ලංකා ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ උත්තරීතර සහ අවසානාත්මක ලේඛනෝපාගත කිරීමේ ජ්‍යෙෂ්ඨ අධිකරණය වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන වලට යටත්ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතුවලට අදාලව අධිකරණ බලය ක්‍රියාත්මක කරන්‌නේය. |
| |
|
| 120. |
යම් පනත් කෙටුම්පතක් නැතහොත් පනත් කෙටුම්පතක යම් විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූලදැයි යන යම් ප්‍රශ්නයක් පිළිබඳව තීරණයක් ගැනීමේ තනි හා අනන්‍ය අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට ඇති අතර 82, 83 සහ 84 යන ව්‍යවස්ථා යටතේ ඕනෑම පනත් කෙටුම්පතක ව්‍යවස්ථානුකූලභාවය තීරණය කිරීමේ බලය ද එය සතු වේ. |
| |
|
| 121. |
120 ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනුකර ඇති අවස්ථාවකදී එයට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවේ ප්‍රකාශයට පත් කරන තුරු එම කෙටුම්පත සම්බන්ධයෙන් කිසිම පියවරක් පාර්ලිමේන්තුව විසින් නොගත යුත්‌තේය. |
| |
|
| 122. |
අමාත්‍ය මණ්ඩලයේ අදහස අනුව ජාතික වැදගත්කමක් අනුව ඉක්මණින් ඉදිරිපත් කළයුතු කිසියම් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඇති අවස්ථාවක 78 සහ 121(2) යන ව්‍යවස්ථාවන්හි විධිවිධාන වලින් බැහැරව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කිරීමෙන් අනතුරුව එම කෙටුම්පත ස්ථාවර නියෝග 46 යටතේ න්‍යාය පත්‍රයට ඇතුළත් කෙරේ.
|
| |
|
| 123. |
පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමඟ අනනුකූල ද සහ 82, 83 සහ 84 ව්‍යවස්ථාවන්ට අනුකූල වීම අවශ්‍ය වන්‌නේ ද යන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයෙහි සඳහන් විය යුතුය. |
| |
|
| 124. |
120, 121 සහ 122 ව්‍යවස්ථා වලට යටත්ව එවැනි පනත් කෙටුම්පතක ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව පරීක්ෂණය කිරීමට කිසිදු අධිකරණයකට හෝ වෙනත් කිසිදු ආයතනයකට අධිකාරී බලය නොමැත. |
| |
|
| 125. |
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීම පිළිබඳ යම් ප්‍රශ්නයක් විභාග කොට තීරණය කිරීම සඳහා වන එකම සහ අනන්‍ය අධිකරණපාත්‍රතාව ශ්‍රේෂ්ඨාධිකරණයට ඇත්තේය. |
පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ රාජකාරි
| 77. |
නීතිපතිවරයා සෑම පනත් කෙටුම්පතක්ම 82 ව්‍යවස්ථාවෙහි (1) හා (2) ඡේදයන්හි අවශ්‍යතා උල්ලංඝනය කරන්නේද සහ එය විශේෂ බහුතරයෙන් සම්මත කළ යුතු ද යන්න පිළිබඳව පරීක්ෂා කළ යුතුය. පනත් කෙටුම්පතකට කාරක සභා අදියරයේදී යෝජනා කරන ලද සංශෝධනයක් සම්බන්ධයෙන් වන සිය මතය නීතිපතිවරයා කථානායකතුමාට දැන්විය යුතුය. |
| |
|
| 38(2) ස්ථාවර නියෝගය - පනත් කෙටුම්පතකට යෝජනා කරනු ලැබ ඇති සෑම සංශෝධනයක්ම 77 ව්‍යවස්ථාව ප්‍රකාරව නීතිපතිවරයා විසින් විභාග කරනු ලැබිය යුතුය.
|
|
|