| | | | | | |
 
 

පාර්ලි‌මේන්තු‌වේ කටයුතු පිළිබඳ අනුපිළිවෙළ

 

පාර්ලිමේන්තුව රැස්වන දින සහ වේලාවන්

  පාර්ලි‌මේන්තු විවාදයන් පිළිබද රීති
  ඡන්දය ප්‍රකාශ කිරීම
  කල් තැබී‌මේ ‌යෝජනා
  පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා
  පාර්ලි‌මේන්තු‌ ප්‍රශ්න
  විසර්ජන පනත් කෙටුම්පත

පාර්ලිමේන්තුව රැස්වන දින සහ වේලාවන්

පාර්ලිමේන්තුව රැස්වන දිනයන්

ස්ථාවර නි‌යෝග අංක 7 ට අනුව මාසයක පළමු ඉරිදාවෙන් පසු එළඹෙන එකක් හැර එකක් වශයෙන් පළමුවන සහ තුන්වන සතිවල අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනයන්හි පාර්ලිමේන්තුව රැස්වේ.

කෙසේ වෙතත්, ස්ථාවර නියෝග අංක 70 යටතේ විසර්ජන පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා පාර්ලි‌මේන්තුව දින විසිහයක් රැස්වේ. සභාවේ අනුමැතිය අනුව යෝජනාවක් මඟින් මෙ‍ම දින ගණන අඩු කරගත හැකිය.

පාර්ලිමේන්තුව රැස්වන වේලාවන්

2010 ජූලි 09 වැනිදා පාර්ලි‌මේන්තුව විසින් අනුමත කරන ලද යෝජනාවකට අනුව, 2010 ජූලි 20 වැනිදා සිට දැනට පාර්ලි‌මේන්තුව රැස්වන ‌වේලාව ‌ප.ව. 1.00 සිට ප.ව. 7.30 දක්වා වේ. කෙසේ වෙතත්, 2011 අප්‍රේල් 07 වැනිදා පාර්ලි‌මේන්තුව විසින් අනුමත කරන ලද යෝජනාවකට අනුව, 2011 අප්‍රේල් 08 වැනිදා සිට සිකුරාදා දිනවල පාර්ලිමේන්තු රැස්වීම් ප.ව. 1.30 ට ආරම්භ වේ.

එසේ, සභාවේ ඇතිකර ගත් එකඟතාවයකට අනුව, පාර්ලි‌මේන්තුව පහත සඳහන් පරිදි රැස්වේ:

(අඟහරුවාදා, බදාදා හා බ්‍රහස්පතින්දා දිනවල)
ප.ව. 1.00 සිට ප.ව. 2.00 දක්වා වාචික පිළිතුරු අ‌පේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 2.00 සිට ප.ව. 6.30 දක්වා සභාවේ ප්‍රධාන කටයුතු
ප.ව. 6.30 සිට ප.ව. 7.30 දක්වා කල් තබන අවස්ථාවේ ‌යෝජනාව

(සිකුරාදා දිනවල)
ප.ව. 1.30 සිට ප.ව. 2.30 දක්වා වාචික පිළිතුරු අ‌පේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 2.30 සිට ප.ව. 6.30 දක්වා සභාවේ ප්‍රධාන කටයුතු
ප.ව. 6.30 සිට ප.ව. 7.30 දක්වා කල් තබන අවස්ථාවේ ‌යෝජනාව

 
     
 
පාර්ලිමේන්තු දිනදසුන | පාර්ලිමේන්තුවේ කටයුතු | පාර්ලිමේන්තු අත්පොත | මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය | කාර්යයන් | කාරක සභා | පාර්ලි‌මේන්තු මහ‌ලේකම් කාර්යාලය
© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව. සියලු හිමිකම් ඇවිරිණි. විසඳුම Affno විසිනි.