|
|
ඡන්දය ප්‍රකාශ කිරීම
ඡන්දය ප්‍රකාශ කරන අයුරු
සභාවේ තීරණය අවශ්‍ය වූ විටදී මන්ත්‍රීවරුන්‌ගේ අනුමැතිය හෝ විරුද්ධත්වය දැනගැනීම පිණිස ප්‍රශ්නය සභාවට යොමු කෙරේ. මන්ත්‍රීවරුන්‌ගේ තීරණය ලබාගන්‌නේ ඡන්දයෙනි. ඡන්දයක් පැවැත්විය හැකි වන්‌නේ පාර්ලිමේන්තුව රැස්වන විටකදී පමණි. සෑම මන්ත්‍රීවරයෙකුම ඡන්දය දීම සඳහා සුදුසුකම් ලබන අතර ඔවුන් ඡන්දය පුද්ගලිකව පාවිච්චි කළ යුතුය. ඡන්දය දීමේදී මන්ත්‍රීවරයා තමාට නියමිත අසුනේ සිටිය යුතුය. සෑම මන්ත්‍රීවරයකු හටම ඡන්ද අයිතිය හිමිවන අතර තමාට අවශ්‍ය නම් ඡන්දය දීමෙන් වැලකී සිටිය හැකිය. පාර්ලිමේන්තුවේ ඡන්දය ප්‍රකාශ කිරීම තුන් ආකාරයකින් කළ හැකිය. ඒවා නම්,
|
අ.
|
කටහඬින් ඡන්දය ප්‍රකාශ කිරීම වඩාත් සුලබව දක්නට ලැබෙන්‌නේ කටහඬින් ගන්නා ඡන්දයයි. ස්ථාවර නියෝග 42 ට අනුව කථානායකවරයා විසින් ප්‍රශ්නය සභාවට යොමුකළ විට පක්ෂ අය “ඔව්” යනුවෙන් ද විපක්ෂ අය “නැත” යනුවෙන් ද ප්‍රකාශ කරයි. සභාවේ මතය පැහැදිලි ප්‍රමාණවත් බවකින් ප්‍රකාශ වූ බවට කථානායකවරයා සෑහීමකට පත්‌වේ නම් ඒ බව සභාවට ප්‍රකාශ කළ හැකිය. කථානායකවරයාගේ තීරණය පිළිබඳව යම් මන්ත්‍රීවරයෙක් සෑහීමකට පත්වන්‌නේ නැතිනම් ඔහුට බෙදීමක් ඉල්ලා සිටිය හැකිය. |
| |
|
|
ආ.
|
නමින් ඡන්දය ප්‍රකාශ කිරීම නමින් බෙදීමක් අවශ්‍ය යැයි කෙනෙකු යෝජනා කළවිට කථානායකවරයා විසින්, ස්ථාවර නියෝග 42 හි සඳහන් පියවර ගනු ලබයි. මේ අවස්ථාවේදී බෙදීමේ සීනුව විනාඩි දෙකක් නාද කළ යුතු අතර බෙදීම නමින් ගත යුතුය. සෑම මන්ත්‍රීවරයකුගෙන්ම තමා ඡන්දය දීමට කැමැති ආකාරය අසා එය සටහන් කරගනිමින් මහලේකම්වරයා විසින් ඡන්දය පවත්වනු ඇත. මුලින්ම අගමැතිවරයාගේ ද ඉක්බිතිව කැබිනට් අමාත්‍යවරුන්‌ගේද නම අඬගසන මහලේකම් වරයා අනෙක් අමාත්‍යවරු නියෝජ්‍ය අමාත්‍යවරු සහ මන්ත්‍රීවරුන්‌ගේ නම් අකාරාදී පිළිවෙලින් අඬගසනු ඇත. මන්ත්‍රීවරයෙකුට ඡන්දය දීමෙන් වලකින බව ප්‍රකාශ කළ හැකි අතර එවිට ඔහුගේ නම, මහලේකම්වරයා විසින් ඡන්දය දීමෙන් වැලකී සිටි මන්ත්‍රීවරයෙකු ලෙස සටහන් කර ගනී. ඡන්දය ගණන් කිරීමෙන් අනතුරුව මහලේකම්වරයා විසින් එකී ප්‍රතිඵල කථානායකවරයා වෙත ලබාදිය යුතු අතර එවිට කථානායකවරයා විසින් එම බෙදීමේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කළ යුතු වේ. ඡන්දය සම වෙත්නම් කථානායකවරයාට සිය ඡන්දය ප්‍රකාශ කර ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කළ හැකිවේ. |
| |
|
|
ඇ.
|
හුනස්‌නෙන් නැඟීසිට ඡන්දය ප්‍රකාශ කිරීම කථානායකවරයාට අවශ්‍ය යැයි හැඟේ නම් 43 වැනි ස්ථාවර නියෝගයේ විස්තර වන ආකාරයෙන් ඡන්දය විමසිය හැකිය. තම ආසනවලින් නැඟී සිටින ලෙස කථානායකවරයාට මන්ත්‍රීවරුන්‌ගෙන් ඉල්ලා සිටිය හැකි බැව් ඉන් කියැවේ. මහලේකම්වරයා විසින් ඡන්ද ගණන්‌කොට ප්‍රතිඵලය කථානායකවරයාට දැන්විය යුතු අතර කථානායකවරයා විසින් එම ප්‍රතිඵලය සභාවට සැලකර සිටිය යුතුය. තමා වැරදි ආකාරයකින් ඡන්දය දුන් බැව් හෝ තම ඡන්දය වැරදි ලෙස ගණනය කළ බැව් යම් මන්ත්‍රීවරයෙකු විසින් පවසත් ද එකී ඡන්දය වෙනස් කිරීමට ඉල්ලා සිටීමේ හැකියාව එවැන්නකු සතුය. කෙසේ නමුත් මෙය සිදුකළ යුත්තේ කථානායකවරයා විසින් බෙදීමේ ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කිරීමට පෙරාතුව වේ. |
|
|